‘ජාත්‍යන්තර පුහුණුව වැදගත්’ - මල්ලව පොර ශූරයෝ

ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය කිරීමට නම් තමන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා දිය යුතුව ඇතැයි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකික මල්ලව පොර ශූරයෝ කියා සිටිති.
ඉන්දියාව සහ පකිස්තානය වැනි රටවල මල්ලව පොර ක්‍රීඩකයන්ට අභියෝග කළ හැකි මට්ටමක තමන් සිටියත් වෙනත් රටවල ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින බවයි, පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය නියෝජනය කරන මල්ලව පොර ක්‍රීඩකයකු වන කැලුම් ක්‍රිශාන්ත පවසන්නේ.
නවසීලන්තයට එරෙහිව පැවැත්වුන තරඟයේ දී තමා ලද පරාජය ගැන සඳහන් කළ කැලුම් ක්‍රිශාන්ත තමා අවසානය තෙක් පොර බැදුවත් ජයග්‍රහණය නවසීලන්තය සතු වූ බවයි කියා සිටියේ.
කැලුම් ක්‍රිශාන්ත ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී සිය ක්‍රීඩා කුශලතා වැඩි දියුණු කර ගත් මල්ලව පොර ශූරයෙකි.
ක්‍රීඩා කුශලතා තවත් වර්ධනය කර ගනිමින් ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීම සිය ඉලක්කය බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
‘ග්ලාස්ගෝ’ තරඟාවලිය නියෝජනය කරන කුෂාන් ප්‍රනාන්දු අදහස් දක්වමින්, මෝල්ටා මල්ලව පොර ශූරයකු සමඟ පැවති තරඟයෙන් තමා ජය ගත්තත් ඊ ළඟ තරඟ දෙකකින් පරාජය වූ බවයි කියා සිටියේ.

ජාත්‍යන්තර පුහුණුකරුවන්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩකයන් පස් දෙනෙක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන බවයි, කුෂාන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.
එම තරඟාවලියට සහභාගී වෙන ගයාන් චතුරංග පවසන්නේ, රන් පදක්කම්ලාභී පකිස්තාන් ක්‍රීඩකයකු සමඟ පැවති ඉතා තියුණු තරඟයක් අවසානයේ තමා පරාජය වූ බවයි කියා සිටියේ.
‘ග්ලාස්ගෝ’ නගරයට පැමිණීමට පෙර තමා ඉරානයේ සුමාන දෙකක පමණ පුහුණුවක් ලද බව කියා සිටි කුෂාන් ප්‍රනාන්දු ඊට වැඩි කාලයක ප්‍රමාණවත් පුහුණුවක් ලැබුණේ නම් වඩාත් සාර්ථක ප්‍රතිපල ලබා ගත හැකිව තිබුණ බවයි කියා සිටියේ.
“ඉහල මට්ටමේ ජාත්‍යන්තර පුහුණු කරුවකු ලබා දී අපේ තත්වය දියුණු කළොත් අපටත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජවයක් ලබා ගන්න පුළුවන්. ඉන්දියාවේ සහ පකිස්තානයේ මල්ලව පොර ක්‍රීඩකයන්ට එම පහසුකම් ලැබෙනවා ” කුෂාන් ප්‍රනාන්දු, මල්ලව පොර ශූරයා පෙන්වා දෙයි.
බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී කුෂාන් ප්‍රනාන්දු කියා සිටියේ, ඉදිරියේ ආරම්භ කෙරෙන ආසියානු තරඟාවලිය නියෝජනය කරමින් පදක්කමක් දිනා ගැනීම සිය ඉලක්කය බවයි.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger