ග්ලාස්ගෝ පිටියේ ශ්‍රී ලංකා බයිසිකල් ශූරයෝ

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බයිසිකල් ධාවන තරඟ සඳහා සහභාගී වෙන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් බ්‍රහස්පතින්දා සහ ඉදිරියේ පැවැත්වීමට නියමිත තරඟ වෙනුවෙන් මේ වන විට පුහුණු කටයුතුවල නිරත වෙමින් සිටින බවයි, ස්කොට්ලන්තයේ ‘ග්ලාස්ගෝ’ නගරයෙන් වාර්තා වන්නේ.
බයිසිකල් ධාවන ශ්‍රී ලාංකික කණ්ඩායමේ කළමනාකරු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කපිතාන් සුජීවන් සේනාරත්න බීබීසියේ ජයප්‍රකාශ් නල්ලුසාමි සමඟ කියා සිටියේ, මහ පාරේ සිදු කරන පා පැදි තරඟ සහ තනි වශයෙන් සිදු කරන ‘කාලය මැනීමේ’ තරඟ වලට තම කණ්ඩායම සහභාගී වෙන බවයි.
එම කණ්ඩායමට එක් ව සිටින ශ්‍රී ලංකා බයිසිකල් ශූරියක වන යූ. ඩී. ශ්‍රියාලතා බීබීසීයට අදහස් දක්වමින්, ක්‍රීඩිකාවක හැටියට තමාට බලපාන අභියෝග ගැන මෙන් ම මනා පුහුණු කරුවකු ලබා දීම සහ දීර්ඝ කාලීන පුහුණුවේ අවශ්‍යතාව ගැනයි බලධාරීන්ගේ අවධානය යොමු කළේ.

පුහුණුකරුවන්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන තවත් ශ්‍රී ලාංකික බයිසිකල් ශූරයකු වන ජීවන් ජයසිංහ අදහස් දක්වමින් දකුණු ආසියානු මට්ටමින් ගත් විට වඩාත් ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලාංකික කණ්ඩායම වන නමුත් මේ තරඟාවලිය ගත් විට ජාත්‍යන්තර ක්‍රීඩකයන් හමුවේ තම තත්වය ‘අහස සහ පොළව තරම්’ පරතරයක් සහිත එකක් වන බවයි කියා සිටියේ.
ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු වීමක දී වැරදීමකින් අධිවේගී මහා මාර්ගයකට පිවිසීම සම්බන්ධයෙන් පසුගිය දා මාධ්‍ය මගින් පළ වූ වාර්තා ගැන විස්තර කරමින් බයිසිකල් ධාවන ශ්‍රී ලාංකික කණ්ඩායමේ කළමනාකරු, හමුදාවේ සුජීවන් සේනාරත්න ප්‍රකාශ කළේ, තම කණ්ඩායම ආපසු ගෙන ඒමට පොලිසියේ සහයෝගය ලැබුණ බවයි.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger