කොරියා රැකියා මහ මොළකාරිය රටින් පනී

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ  වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පිහිටුවා දකුණු කොරියා රැකියා  අපේක්ෂකයන්ගෙන්  රුපියල්  දස ලක්ෂ ගණනක් වංචා කළැයි  කියන  සිද්ධියේ ප්‍රධාන සැකකාරිය  රටින් පැන ගොස් ඇතැයි  රහස් පොලීසිය අධිකරණයට දැන්වීය. අංගොඩ ,කොටිකාවත්ත වෙළෙද සංකීර්ණයේ  අංක දෙක දරන කඩයේ හිමිකාරිය තුෂාරි දිල්හාරි රටින් පනින්නට ඇතැයි  කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
තවමත් පැමිණිලි ලැබෙන බවත්  වංචා  කළ මුදල කොතෙක් දැයි  දැන්ම කළ නොහැකි බවත් දැනට රුපියල් තිස් ලක්ෂයක් වංචා කළ බවට තොරතුරු  ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
බොරු වෙබ් අඩවිය බැලු පිරිස් සැකකරුවන් නම් කළ බැංකුවලට මුදල් බැර කර ඇති බව ද රහස් පොලීසිය කියයි.
සමන් තිලක දර්ශන උද්‍යාන හෙවත් මොහොමඩ් වෂිර් ,සිත්ති නසීමා නිෂාම්දීන් හා ජුඩී ස්ටීවන්සන්  යන සැකකරුවෝ ජුලි 14 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබුහ.
වෙබ් අඩවිය නිර්මාණය කළැයි කියන තෙවැනි සැකකරු විශ්ව තරංග ෆොන්සේකා රුපියල් ලක්ෂ පහක පෞද්ගලික ඇප දෙකක් මත මුදා හැරිණි.
පළමුවැනි හා දෙවැනි සැකකරුවන් ළඟ තිබී රුපියල් ලක්ෂ පනක් සොයාගත් බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

කොළඹ 03,ගාලු පාරේ,අංක 994/1/4 ස්ථානයේ කේ එල් සී ප්ලේස්මන්ට් ස්ර්විස්  ප්‍රයිවෙට් ලිමිටඩ් යන නම යටතේ  මෙම ව්‍යාජ ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger