අලුත්ගම සිද්ධිය පිළිබද වැරදි පුරෝකථන පිළිබද විමසුමක්...
සුනරාපරන්ත පුණ්ණ හිමියන්ගේ කථා වස්තුව හා එහි අවභාවිතය
පූජ්‍ය. සූරියවැව සුමේධ හිමි
පූජ්‍ය. සූරියවැව සුමේධ හිමි
ඊයේ දින ( 2014. 06.30 ) ටී.එන්.එල් රෑපවාහිනියේ විකාශය වූ ජන හඩ දේශපාලන සංවාදයට සහභාගී වී සිටියේ ජවිපෙ නලින් ද ( නම නිවැරදි දැයි නිශ්චිත නැත ) මහතා අජිත් පී. පෙරේරා, රිචඩ් පතිරණ මහතාගේ පුත් පතිරණ මහතා හා ජා.හෙ.උ මන්ත්රි නිශාන්ත වර්ණසිංහ මැතිතුමා ආදි අයය. එහි සාකච්ඡා වූයේ අලුත්ගම සිදු වු සිද්ධිය සම්බන්ධවය. සෑම තැනම වාගේ සිංහලයාගේ අවාසනාවට මෙන් එහිද සිංහලයා වෙනුවෙන් කැපී පෙනෙන නියෝජනයක් පැවැතියේ ජා.හෙ.උ නිශාන්ත මහතා ළග පමණි. අනෙක් අය පක්ෂ දේශපාලනය කළා විනා මධ්‍යස්ථව අලුත්ගම ප්රශ්නය පිළිබදව සාච්ඡා කළේ නැත
එම සංවාදයේ දී ජවිපෙ නියෝජනය සෑම දා මෙන් ඊයේ ද සිංහල බෞද්ධයාට පහර පිට පහර ගැසුවේය. එයට සිත් වේදනාවක් ඇති නොවූ වද ඔහු විසින් නොදන්නා කරැණක් ගෙන සිංහල බෞද්ධයාට පහර ගැසීම ඉවසිය නොහැකි දෙයක් බවට පත් විය. එම නිසා මෙම සටහන තබන්නට අදහස් කළෙමි.
ජවිපෙ නියෝජනය විසින් බුද්ධ දේශනා මතක් කරමින් පවසා සිටියේ සිංහල බෞද්ධයා ජීවිත් විය යුත්තේ ඒ අනුව බවයි. එය නිවැරදිය. නමුත් ඔහු ගත් නිදසුන අඥානයෙකුගේ ස්වරෑපය පෙන්නුම් කරන නිදසුනක් විය. ඔහු පැවැසුවේ අලුත්ගම සිදුවීමේ දී සිංහල බෞද්ධයා කටයුතු කළ යුතුව තිබුනේ සුනරාපරන්තවාසී පුණ්ණ හිමියන් මෙන් යැයි සදහන් කලේය.
අපේ සමාජයේ නූගත් සමහරක් දෙනා අතරින්පතර බුදුදහම අසා සංවාද වල පැටෙලමින් තමන්ට අවාසිදායක වන සෑම මොහොතකම කාළාම සූත්රය ගෙනහැර දක්වනු අපට අසන්නට ලැබේ. එය මෝඩ මිනිසුන්ගේ කෝකටත් තෛලය වී හමාරය. ජවිපෙ නියෝජිතයා ට ද එම අවස්ථාවේ පුණ්ණ හිමියන්ගේ කතාව කෝකටත් තෛලයක් කර ගත්තේය.අපට සිතෙන්නේ ඔහු බුදු දහම නොදන්නා මාක්ස් ආගම පිළිබද අවබෝධයක් ඇති පුද්ගලයෙක් ලෙසය. පුණ්ණ හිමියන්ගේ කතාව සමහර විට දඹර අමිල හිමියන්ගෙන් දැන විමසා ගත් එකක් විය හැකිය. ( විය හැකිය ) නමුත් එය අලුත්ගම සිදුවීමේදී භාවිතා කළේ අවභාවිතයක් ලෙසය. ඒ ඔහුගේ මෝඩ බව ප්රදර්ශනය කරන්නක් විය.
පුණ්ණ හිමියන් යනු මහ රහත් කෙනෙකි. නැතිනම් උන්වහන්සේ මහා බලසම්පන්න චිත්ත ඒකාග්ර තාවයක් පැවති කෙනෙක් විය යුතුය. ( ඒබව අටුවාවෙන් පැහැදිලි වේ. ) ජවිපෙ පවසනුයේ අලුත්ගම සිටියේ සිංහල බෞද්ධ පෘථග්ජන මිනිසුන් නොව මහරහතන් වහන්සේලා විය යුතුය. එය එසේ නම් ඔහුගේ කථාව නිවැරදිය. එහෙත් අපි එසේ පිළි නොගනිමු. එබැවින් මෙතැන්දි ඔහුගේ පුණ්ණ හිමි ගේ කතාව අවභාවිතා වි ඇති අයුරැ පෙනේ.
දෙවැන්න පුණ්ණ හිමියන් වඩින්නට සූදානම් වූ ප්රදේශය සුණරාපරන්තය වීමයි. සුනරාපරන්තය නම් ප්රදේශය සාමාන්‍යයෙන් රළු සැඩ පරැෂ මිනිසුන් ජීවත් වූ ප්රදේශයක් බව ම.නි පුණ්ණෝවාද සූත්රයෙන් පැහැදිලි වේ. ජවිපෙට අනුව අලුත්ගම ද එවැනි මිනිසුන් වාසය කරන ප්රදේශයක් විය යුතුය. එය එසේ නම් නිවැරදිය. ඒ පිළිබද එම ප්රදේශවල ජනතාව තීරණයක් ගත යුතය.
තෙවැන්න ජවිපෙ පවසනුයේ පුණ්ණ හිමියන් සේ විය යුතු බවකි. දැන් එය අලුත්ගම සමග සංසන්දනය කර බලමු. පුණ්ණ හිමියන් සුනාරපරන්තය පිළිබද දැන සිටියේය. බුදු න් ද දැන සිටියේ ය. එනම් සැඩ පරැෂ දරැණු මිනිසුන් වාසය කරන ප්රදේශයක් බවයි. එහි යෑම ගැටුම් ඇති කරන්නක් විය හැකි නිසාම බුදුන් පුණ්ණ හිමියන්ගේ ඉවසීම පරීක්ෂා කරනු ලබයි. දැන් ණුවනැත්තේ සිතා බලත්වා..... ජවිපෙට අනුව පුණ්ණ හිමියන් සේ ක්රියා කළා නම් බරපතල වරද කර ඇත්තේ බොදුබල සේනා ඇතුළු අලුත්ගම සගසමුළුව සංවිධානය කළ පිරිස්ය. මන්ද ඔවුන් ගැටුමක් ඇති වන බව දැන දැන රැස්වීම සංවිධානය කිරීමයි. නමුත් එය එසේ නොවුණු සිදු වීමක් බව එම සංවිධාන කරන පැහැදිලි කිරීම්වලින් පැහැදිලි වේ. නමුත් ජවිපේ පවසන්නේ කුමක් ද? එහි යෑම සාධාරන බවයි. ( මෙහි වැරද්ද වෛද්‍ය නලින් ද මහතාගේ ඇති බුදු දහම ගැන හා පුණ්ණ හිමියන් පිළිබද වැරදි අවබෝධයයි )
දැන් ඔබට ජවිපෙ විසින් ලබා දුන් අලුත්ගම සම්බන්ධ නිදසුන ( පුණ්ණ හිමිගේ කතාව ) ඉතාම සාවද්‍ය මෙන් ම කන්න ඔන උනාම කබරගොයාත් තල ගොයා වන අවස්ථාවක් බව පැහැදිලි ඇතැයි විශ්වාස කරමු. අපි කුමක් කරමුද? මාක්ස් ආගම අදහන ජවිපෙ බුද දහම ගැන ඇති අවබෝධය ගැන අනුකම්පා කරනවාට වඩා. කොහොමත් ජවිපේ අවස්තාවාදි ලෙස සියල්ල භාවිතා කරනු ලබයි.
නිදසුනක් ලෙස ඔවුන් 88/89 හා 78 සිදු කළ මහා බරපතල ඛේදවාචකය සම්බන්ධව මෙම පිළිවෙත අනුගමනය කරන්නේ මහා පහත් ආකාරයෙනි. සිංහල බෞද්ධයාට ගහන විට පාඩුවේ ඉදපල්ලා යනුවෙන් පවසන ජවිපෙ තමන්ට සිදු වූ මර්දනය නිසා භීෂණ ක්රියා පටන් ගැනීමට සිදු වූ බව පවසමින් 88 89 සාධාරණි කරණය කර ගනු ලබයි. කෙතරම් තුච්ඡ නිහීන ක්රියාවක් දැයි ඔබට වැටහෙනු ඇත. එහෙත් සිංහල බෞද්ධයාට පහර එල්ලවන විට පුණ්ණ හිමියන් සේ සිටිය යුතු බව කියයි. අපූරැ උපදේශය. ඔවුන්ට පුණ්ණ හිමියන් සේ එදා සිටින්නට බැරි වූයේ මන්දැයි අපි විමසිය යුතුය.
මෙම පුණ්ණ හිමියන්ගේ කතා පුවත ජවිපෙ විතරක් නොවේ සිංහල බෞද්ධ කියන භික්ෂූන් ද වරදවා අර්ථ කථනය කර තිබෙනු දක්නට ලැබේ. ඔවුන් ද මතක තබා ගත යුතු වන්නේ බෞද්ධයා වනසන ක්රියාවන් වලදී බෞද්ධ ප්තිපත්තිය වනුයේ පුණ්ණ හිමියන්ගේ න්‍යාය නොවන බවය. මන්ද අපි රහත් වහන්සේලා හෝ බෝධිසත්තවයන් නොවන නිසාය. බුදු නොවන සෑම දෙනා බෝධිසත්තවයන් ලෙස සලකනුයේ මහායානයේය. එහෙත් ථෙරවාදයේ බුදු නොවුණු අනෙක් හැම දෙනම බෝධිසත්යන් සේ ගැණෙනුයේ නැත. එම නිසා මතක තබා ගත යුතුය සර්වාගමික හිමිවරැ. බෞද්ධයා මර්දනය කරන විට අපේ ක්රමය තීරණය කරනුයේ ම.නි මඛාදේව සූත්රයට අනුව බවයි. ඒ‘‘‘ මා අන්තිම පුරිසා අහුවත්ථ‘‘‘‘‘ මේ ශාසනයේ අවසාන සමාජිකයා නොවවු යන බුද්ධ වචනට අනුව මිස ක්ෂාන්තිවාදි තාපස ක්රමයට නොවන බව සෑම සියලු දෙනා මතක තබා ගත යුතුව ඇත....
ඔබට තෙරැවන් සරණයි.

.gif)

Post a Comment