එක්සත් ජාතීන්ගේ පාසලකට ඊශ්‍රායල 'ප්‍රහාරයක්'

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වා ගෙන යන දකුණු දිග ගාසා තීරයේ පිහිටි පාසලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් දස දෙනෙකුවත් මරණයට පත් වී ඇති බව පලස්තීනය ප්‍රකාශ කරයි.
ප්‍රහාරයට ලක් වූ පාසලේ පලස්තීන වැසියන් තුන්දහසක් පමණ ලැගුම් ගෙන සිටි බවයි පැවසෙන්නේ.

රාෆා නගරයේ පිහිටි පාසලේ පිවිසුම් දොරටුව ආසන්නයට මිසයිල ප්‍රහාරය එල්ල වූ බව ප්‍රහාරය ඇසින් දුටු පුද්ගලයෙක් කියා සිටියි.
මේ වන තුරු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදා ප්‍රතිචාර දක්වා නැති අතර ගත වූ රාත්‍රිය පුරා ගාසා තීරය ඉලක්ක කර ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර දහතුනක් දියත් කර තිබේ
එම ප්‍රහාරයන්ට හසුව පුද්ගලයන් දහතුන් දෙනෙකුවත් මරණයට පත් වී ඇති බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
මේ අතර ඊශ්‍රායලය ඉලක්ක කර පලස්තීනය විසින් රොකට් ප්‍රහාර දෙකක් එල්ල කර තිබේ.
හමාස් සංවිධානයේ හා ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායමේ නියෝජිතයෝ සටන් විරාමයක් සඳහා වූ කෙරෙන සාකච්ඡා සඳහා ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණ සිටිති.
සටන්විරාම සාකච්ඡාව සඳහා තම නියෝජිතයන් සහභාගී නොවන බවයි ඊශ්‍රායලය පවසන්නේ.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger