නවසීලන්ත පිතිකරුට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක්

‘මගේ නම ලූ වින්සන්ට්, මම වංචාකාරයෙක්’ යැයි පවසමින් ඔහු වරද පිළිගනී

හිටපු නවසීලන්ත පිතිකරු ලූ වින්සන්ට් හට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පැන වූ බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
තමා මුදලට තරඟ පාවා දීමේ යේදී සිටි බවට ප්‍රසිද්ධියේ පිළිගැනීමෙන් අනතුරුවයි ලූ වින්සන්ට් හට ඉහත කී තරඟ තහනම පැනවූයේ.
‘මගේ නම ලූ වින්සන්ට්, මම වංචාකාරයෙක්’ යැයි පවසන වීඩියෝ පටයක් නිකුත් කරමින් තිස් පස් හැවිරිදි මෙම ක්‍රිකට් ක්‍රීඩකයා වරද පිළිගෙන තිබේ.

ලැජ්ජාව

‘මම මගේ රට ලැජ්ජාවට පත් කළා, මගේ ක්‍රීඩාව ලැජ්ජාවට පත් කළා’ යැයි පවසමින් තමා කිහිප වතාවක් ම තරඟ පාවා දී මුදල් ලබා ගත් බව හිටපු නවසීලන්ත පිතිකරු ලූ වින්සන්ට් වරද පිළිගත්තේය.
වසර 2008 දී සහ 2011 දී එංගලන්තයේ පැවති ප්‍රාන්ත ක්‍රිකට් තරඟ සම්බන්ධයෙන් චෝදනා දහ අටකට ලූ වින්සන්ට් වරද කරු වන අතර ජීවිතාන්තය දක්වා පනවා ඇති තරඟ තහනම පිළිගෙන තිබේ.

මම මගේ රට ලැජ්ජාවට පත් කළා, මගේ ක්‍රීඩාව ලැජ්ජාවට පත් කළා’
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger