බස්නාහිර මහ ඇමැතිට බොරු චෝදනාවක්

බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා රාජගිරියේ මැල්වත්තේ පුද්ගලයකුට බැට් පිත්තකින් පහර දුන්නැයි වැලිකඩ පොලිසියට කර ඇති පැමිණිල්ල වැරදි යැයි ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් අනුර ප්‍රදීප් කුමාර මහතා කියයි.
පැමිණිල්ලේ සඳහන් ලිපිනයේ ඔහු පදිංචි නැති බවත්, කියන දවසේ කියන වේලාවේ මහ ඇමැති ශ්‍රාවස්ථියා සිටි බවත් ඔහු අවධාරණය කරයි.
මේ අතර රණතුංග මහතාගේ සොහොයුරු රුවන් රණතුංග මහතා පවසා ඇත්තේ එක්තරා පුද්ගලයකු පිහියක් රැගෙන නිවසේ තාප්පය උඩට නැඟ කුණුහරපයෙන් බැණ වැදුණු බවයි.
මේ පැමිණිලි දෙක ගැන පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger