මැලේසියානු ගුවන් යානයේ කළු පෙට්ටි බාර දෙයි

නැගෙනහිර යුක්රේනයේ රජයේ හමුදා සහ රුසියාවට පක්ෂපාත කැරලිකරුවෝ මැලේසියානු ගුවන් යානා අනතුර සිදුවූ පළාතේ සටන් විරාමයක් ක්‍රියාත්මක කරමින් සිටිති.

සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඉඩ සලසන ලෙසට දෙපාර්ශවයටම ජාත්‍යන්තර වශයෙන් බලපෑම එල්ල වෙමින් තිබේ.
ආරක්ෂා සහිතව බාධා කිරීම් වලින් තොරව ගුවන් යානය කඩා වැටුණු ස්ථානයට ඇතුල් වීමට ඉඩ සැලසිය යුතු බව ප්‍රකාශ කෙරෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කර ගන්නා ලදී.
මේ අතර,කැරළි නායකයකු විසින් අනතුරට ලක්වූ ගුවන් යානයේ කළු පෙට්ටි යන්ත්‍ර දෙකක් බාර දීමට පියවර ගෙන තිබේ.
ගුවන් යානා අනතුරෙන් මිය ගිය බොහෝ පුද්ගලයන්ගේ මළ සිරුරු රැගත් දුම්රිය කාකිව් නගරය බලා යමින් තිබේ.
එතැන් සිට නෙදර්ලන්ත යුද හමුදා ගුවන් යානයකින් මළ සිරුරු හඳුනා ගැනීම පිණිස නෙදර්ලන්තයට ගෙන යාමට නියමිතයි.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger