මහඇමතිගේ ක්‍රිකට් පිති පහරින් යාබද නිවෙස් හිමියා රෝහලේ

යාබද නිවසේ පදිංචි බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් ක්‍රිකට් පිත්තකින් තමන්ට පහරදුන් බව පවසමින් මහ ඇමතිවරයාගේ නිවසට යාබද නිවසේ පදිංචි බව කියන ජී.ඩබ්ලිව්. පියසේන නැමැත්තෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටියි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ පියසේන නැමැති පුද්ගලයා තමන්ට බැන වැදුණු බවයි. මේ පැමිණිලි දෙක සම්බන්ධයෙන්ම වැලිකඩ පොලීසිය විමර්ශනය කරන බව පොලිස් මූලස්ථානය පවසා සිටියි.
ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පියසේන නමැත්තාගේ වම් අත තුවාල වී ඇති බවට පෙනෙන බවද පොලිස් මූලස්ථානය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන්නේ තමන් නිවසේ සිටින විට පියසේන නැමැත්තා පිහියක් රැගෙන තම නිවස වටා ඇති තාප්පය උඩට නැග පරුෂ වචනයෙන් බැණවැදුණු බවත්, සිය පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියා සමග එළියට බැස පියසේන නැමැත්තාගෙන් විමසීමක් කළ බවත්ය.

Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger