ගාසා තීරයට දිගටම බෝම්බ ප්‍රහාර

ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ ප්‍රහාර එල්ල වෙමින් තිබේ.
මුස්ලිම් පල්ලි සහ ක්‍රීඩා මධ්‍යස්ථානයක් ඇතුළු ස්ථාන හැත්තෑවකට මෙසේ පහර දී ඇත.
ගසා තීරයේ තම සෙබළකු අතුරුදහන්වී ඇති බව තහවුරු කළ ඊශ්‍රායල හමුදාව කියා සිටියේ ඔහු මිය ගොස් ඇතැයි තමන් විශ්වාසකරන බවයි.
එම සෙබලා ඉකුත් ඉරිදා ප්‍රහාරයකට හසුවූ සන්නද්ධ රථයක සිටි අතර එහි සිටි සෙබළු හය දෙනෙක් මිය ගියහ.
මෙතෙක් පැවති මෙහෙයුම්වලින් ඊශ්‍රායල සෙබළුන් විසි හත් දෙනෙක් , සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙක් මිය ගියහ.
මිය ගිය පලස්තීන ජාතිකයන්ගේ සංඛ්‍යාව හයසියයක්.
අද, අඟහරුවාදා මේ වන විට දහතුන් දෙනකු මිය ගොස් තිබේ.
මේ අතර, පලස්තීන සටන්කාමීහු ද ඊශ්‍රායලයට දිගටම මෝටාර් ප්‍රහාර එල්ල කරමින් සිටිති.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger