කුඩු කිලෝ එකහමාරක් සමග අල්ලා ගත් කුඩු දුමින්දගේ අංක එකේ ගෝලයා


කුඩු කිලෝ එකහමාරක් සමග අල්ලා ගත් කුඩු දුමින්දගේ අංක එකේ ගෝලයා, වනාතේ තිලාන් හිරෙන් පන්නා ගනී----

(ලංකා ඊ නිව්ස් -2014.ජුනි.30, ප.ව.10.30) මහින්ද රාජපක්ෂ ඇමැති ධූරයද, ගෝඨාභය රාජපක්ෂ ලේකම් ධූරයද, දරණ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂන මන්ත්‍රී දුමින්ද සිල්වාගේ හෙරොයින් ජාවාරමේ අංක එකේ ගෝලයෙක් වන 'වනාතේ තිලාන්' හෙවත් බොරැල්ල මැගසින් පාරේ පදිංචි දේවකගේ තුසිත චාමර (අවු 29) නමැත්තා හොරොයින් කිලෝ එක හමාරක් සමග අත් අඩංගුවට ගත්තද දුමින්ද සහ ගෝඨාගේ මෙහෙයවීම මත ඔහු අත් අඩංගුවෙන් මිදී පලා ගොස් තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කරද්දී ලෝකයේ ඕනෑම ආරක්ෂක අංශයක් මුහුණ දෙන වඩාත්ම අභියෝගාත්මක කාරණය වන්නේ ජාවාරම් කරුවා මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගැනීමය. නොඑසේව වෙනත් අපරාධ සේ පරිවේශනීය සාක්කි හෝ පුද්ගල සාක්කි හෝ මත මත්ද්‍රව්‍ය චෝදනා ඔප්පු කිරීම ඉතා අසීරු කාරණයකි.

මේ අනුව ඉහත කී තුසිත කුමාර හෙවත් වනාතේ තිලාන් නමැති දුමින්ද සිල්වාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියා පසුගිය 20 වෙනිදා දහවල් 2 ට පමණ කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශයේ දේශප්‍රේමී නිලධාරීන් විසින් කල් යල් බලා අත් අඩංගුවට ගන්නේ හොරොයින් ග්‍රෑම් 500 ක් ඔහු සන්තකයේ තිබියදීය. ඒ බොරැල්ල මැගසින් පාරේ ඔහුගේ නිවසේ දී ය.

වනාතේ තිලාන් ඛෙදා හරින්නේ දුමින්ද සිල්වා ආනයනය කරන හෙරොයින්ය. දුමින්ද සහ වනාතේ තිලාන් අතර ඇති සම්බන්ධය කෙතරම් සමීපදැයි කිවහොත් භාරත ලක්ෂ්මන් හා ගැටුමේදී දුමින්දව රෝහල කරා ක්ෂණිකව රැගෙන එන්නේ වනාතේ තිලාන් හෙවත් තුසිත කුමාර ය. සාමාන්‍යයෙන් බොහෝ දෙනා අතර ප්‍රචලිත කාරණය නම් ඔහු වාහන එලැවීමේ අති දක්ෂයෙක් බවයි. දුමින්ද සිල්වා වාහනයේ දමාගෙන භාරත අනුගාමිකයන්ගේ සියළු බාධක මැඩගෙන ඔහු රෝහලට ගෙන ඒම බාර ගන්නේද තිලාන් ය. මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන්ට ද තිබූ එක් ප්‍රධාන ගැටලූවක් වූයේ ද මේ වනාතේ තිලාන් වාහනයක මත්ද්‍රව්‍ය ගෙන යද්දී අල්ලා ගැනීමට තිබූ අපහසුතාවය යි. මන්ද යත් ඔහුගේ රිය පැදවීමේ හැකියාව එතරම් විශිෂ්ට නිසා එවැනි අවස්ථාවන්හිදී ඔහු සැහැල්ලූවෙන් පලා ගොස් ඇති බැවිනි. කෙසේ වෙතත් පසුගිය 20 දා ලැබුනු තොරතුරකට අනුව ඔහුගේ නිවසේ දීම හොරොයින් කිලෝ භාගයක් ග්‍රෑම් 500 ක් සමග මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් විසින් ඔහු අත් අඩංගුවට ගත්හ.

ඒ සමග හෙරොයින් මුදලින් මිලදී ගෙන ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 102 ක් වටිනා අලූත්ම අලූත් ප්‍රාඩෝ රථයද අත් අඩංගුවට ගත්හ. අත් අඩංගුවට ගැනීමෙන් පසු තිලාන් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන්ට කෝචෝක් කරමින් කීවේ. ''උඹලා මොන දේ කළත්, මාව හිරේට දැමුවත් මං එළියට එනවා. සල්ලි වලට මොනවද බං කරන්න බැරි.? හැබැයි උඹලා පරිස්සම් වෙයල්ලා'' කියා ය. මත්ද්‍රව්‍ය නාශක නිලධාරින්ද වඩාත් කපටි වෙමින් පිළිතුරු දී ඇත්තේ ''ඔයා බයවෙන්න එපා ඔයාට බඩු විකුණන හරි, ඔයා බඩු ගන්න හරි, තව එක්කෙනෙක් අපිට අල්ලා දෙන්න අපි ඔයාව නිදහස් කරනවා'' යනුවෙනි. ඊට රැවටුනු වනාතේ තිලාන් දුමින්දගේ මහනුවර ඒජන්තයාට දුරකථන ඇමතුමක් දී තමාට තව හෙරොයින් කිලෝ 1 ක් අවශ්‍යය යැයි පවසා ඇත. ලැඛෙන විධි ක්‍රමය කතා කර ගැනීමෙන් පසු 21 දා මහනුවර සිට තවත් හෙරොයින් කිලෝ 1 ක් වනාතේ තිලාන්ට ගෙනැවිත් දී තිබේ. නමුත් එය බාර ගැනීමට සිටියේ තිලාන් නොව මත්ද්‍රව්‍ය නාශකයේ නිලධාරීන්ය. අවාසනාවට මහනුවර ප්‍රධාන ජාවාරම් කරුවා වෙනුවට නිලධාරීන්ට අල්ලා ගත හැකි වූයේ 'ඩිලිවරි බෝයි' කෙනෙකි.

කෙසේ වෙතත් නිලධාරීන් විසින් හොරොයින් කිලෝ එක හමාරම සමග සැකකරුවන් දෙදෙනා 21 දා තලංගම පොලිසිය හරහා කඩුවෙල උසාවියට ඉදිරිපත් කළහ. එහිදී සැකකරුවන් මහර රිමාන්ඩ් බන්ධනාගාරයට යැවීමට මහේස්ත්‍රාත් නියෝග කළේය. ප්‍රෝටීන් ගසා, බොඩි බිල්ඩින් කර, ඇෙඟ් ටැටූ කොටා, ටාසන්ගේ මල්ලී සේ හෙනයක් හෝ නොමැතිව සිටි වනාතේ තිලාන් මහර බන්ධනාගාරයේදී හදිසියේම රෝගියෙකු ලෙස සඳහන් කර රාගම රෝහලට ඇතුලත් කෙළේය. ඕනෑම සිරකරුවෙකු රෝහලක සිටී නම් ඔහු ඇඳට සම්බන්ධ කර මාංචු දමා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවලෙහි සිටිය යුතුව තිබියදී වනාතේ තිලාන් අද රෝහලේදී බන්ධනාගාර නිලධාරීන් වෙතින් පලාගොස් තිබේ.

මෙය ''උඹලා මොන දේ කළත්, මාව හිරේට දැමුවත් මං එළියට එනවා. සල්ලි වලට මොනවද බං කරන්න බැරි.? '' යි ඔහු අත් අඩංගුවට පත් වූ සැනින් කළ කතාව යථාර්තයක් කිරීමකි.

මේ නාටකය බරපතල ගැටළු මතුකරයි. ඒ මෙසේය.

බොරැල්ල මැගසින් පාරේ නිවසේදී හෙරොයින් ග්‍රෑම් 500 ක් සහ පසුව තවත් කිලෝවක් සමග අත් අඩංගුවට ගත් පුද්ගලයා තලංගම පොලිසිය හරහා කඩුවෙල උසාවියට ඉදිරිපත් කෙළේ ඇයි.? මත් ද්‍රව්‍ය නාශක අංශය විසින් අත් අඩංගුවට ගත්තා නම් ඔහු ඉදිරිපත් කළ යුත්තේ කොළඹ අධිකරණයට ය. කොළඹ අධිකරණයෙන් රිමාන්ඩ් කෙරෙන්නේ බොහෝ විට වැලිකඩට ය. කඩුවලට ඉදිරිපත් කර මහර බන්ධනාගාරයට යොමු කර එහි නිලධාරීන් ලවා වනාතේ තිලාන්ව රෝහලකට දමා ඔහුට පැන යන්නට සැලැස්වූ බව මොළයක් නැති ඕනෑම ගොනෙකුට වුවත් තේරුම් යන්නකි.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිව සිට රබර් ගසකට හිස දන් දී මිය ගිය පාලිත සිරිවර්ධන විසින් වනාතේ තිලාන්ව මීට පෙර හෙරොයින් ග්‍රෑම් 10 කට අත් අඩංගුවට ගෙන නඩු පැවරූ වාර්තාවක් තිබේ. එම චෝදනාවට ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ඇප මත නිදහස් වී ඇත්තේ පසුගිය මාසයේ ය. ග්‍රෑම් 10 කට ඇප ලැබුනද කිලෝ එක හමාරකට ඇප නොලැඛෙන අතර ලැඛෙන්නේ මරණ ද~ුවමයි. එවැනි සැකකරුවෙකුට පලා යෑම මිස අන් සරණක් නැත.

වනාතේ තිලාන් වැඩ කරන්නේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරු දුමින්ද සිල්වාට නම්, දුමින්ද සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී රාජපක්ෂ වරුන්ටත් ලාබ ඛෙදී යන්නේ නම් දුමින්දගේ ගෝලයා වූ 'වනාතේ තිලාන්' රාජපක්ෂලා යටතේ ඇති බන්ධනාගාරයකින් පලා යෑම පුදුමයක් නොවන්නේ ය.

Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger