ඇමරිකාව නානසාරගේ වීසා අවලංගු කිරීමෙන් මැදමූලන ගං කබරයන්ගේ ගණන් වරදී: අන්තවාදී සංවිධානවලට උදව් කරන අනෙක් අයත් බ්ලැක් ලිස්ට්----
(ලංකා ඊ නිව්ස් -2014.ජුලි.01, ප.ව.3.30) ජාත්‍යන්තරය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස ලැයිස්තුගත කර ඇති බොදු බල සේනාවේ ත්‍රස්ත නායක චීවරධාරී නානසාර වෙත ඇමරිකානු රජය විසින් එරටට ඇතුළු වීම සඳහා නිකුත් කර තිබූ බහු ඇතුළු වීමේ වීසාව (මල්ටිපල් එන්ටි්‍ර වීසා) අවලංගු කර තිබේ.
ඇමරිකාවට බහු ඇතූළු වීමේ වීසා බලපත්‍ර නිකුත් කරන්නේ වසර 5 ක් සඳහාය. එවැනි බහු ඇතුළු වීමේ වීසා බලපත්‍රයක් තිබුනද ඇමරිකාව තුලට ඇතුළවීමේදී ගුවන් තොටේ සිටින ආගමන විගමන නිලධාරීන් විසින් තවත් වීසා බලපත්‍රයක් සාමාන්‍යයෙන් මාස 3 ක් සඳහා නිකුත් කරනු ලැබේ. රටතුල සිටීමේ සත්‍ය වලංගු කාලය වනුයේ එම මාස 3 ක කාලයයි. බහු ඇතූළුවීමේ බලපත්‍රයක් තිඛෙන අයෙකුට එරටට යන සෑම අවස්ථාවකම තානාපති කාර්යාලයෙන් වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැති අතර කෙලින්ම ඇමරිකාවට ගොඩ බැස ගුවන් තොටේ වීසාව ලබා ගත හැකිය.
ඇමරිකානු රජය විසින් ත්‍රස්ත නායක නානාසාරගේ අවලංගු කර ඇත්තේ ඔහු වෙත මීට පෙර වසර 5 ක් සඳහා ලබා දී තිබූ පෙර කී බහු ඇතුළු වීමේ වීසා බලපත්‍රයයි. වාර්තා වන පරිදි ඇමරිකාව තුලදී හැර ලංකාවේ සිටියදී ලබා දී තිබූ වීසාවක් අවලංගු කරන ලද ප්‍රථම අවස්ථාව මෙයයි. පසුගියදා මුස්ලිම් ජනයා 9 ක් ඝාතනය කරමින් සිය ගණනක් දේපොල මංකොල්ල කා ගිනි තැබීමට බොබසේ ත්‍රස්ත නායක නානසාර ඍජුවම වගකිව යුතු බව ලංකාවේ රාජපක්ෂ රෙජීමය හැර අන් සියළු දෙනාම දනිති. ඇමරිකානු රජය ඔහුගේ වීසා අවලංගු කරන ලද්දේ ඉන් පසුවය.
මෙයින් දක්වා ඇති අනතුරු ඇඟවීම නම් බොදු බල සේනා, සිහල රාවය වැනි අන්තවාදී සංවිධාන සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට අනාගතයේදී ඇමරිකානු වීසා ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි. (බ්ලැක් ලිස්ටඩ්) ඇමරිකාවට පමණක් නොව අනෙකුත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට ද එවැනි අන්තවාදී සංවිධාන සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයන්ට සහ පවුල්වලට වීසා ලබා ගැනීමේදී ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇත.
ඇමරිකාව ලෝක පරිමාණයෙන් මුස්ලිම් විරෝධී ස්ථාවරයක සිටිතැයිද එම නිසා ලංකාවේ මුස්ලිම් විරෝධී ගැටුමකදී ඇමරිකාව අනෙක් පාර්ශවයේ පැත්ත ගනිතැයිද මැදමූළන මෝඩ ගං කබරයන් විසින් ගණන් හදා තිබුණු අතර දැන් ගංකබරයන්ට ගණන් වැරදී තිබේ.
ඇමරිකාවේ ප්‍රතිචාරයත් සමග හිස ගිනි ගෙන ඇති ඇමරිකානු පුරවැසි ගෝඨා අද ඩේලි මිරර් පුවත් පතට පවසා ඇත්තේ තමා බොදු බල සේනාවත් සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. සම්බන්ධයක් ඇතැයි ඔප්පු කළහොත් තමාගේ තනතුරින් ඉල්ලා අස්වන බවද පවසා ඇත. නානසාරගේ වීසා අවලංගු කිරීමෙන් ගෝඨාභය පමණක් නොව ඇමරිකානු පුරවැසියන් වන බැසිල් රාජපක්ෂද ඩලස් අලහප්පෙරුමද තැතිගෙන ඇතැයි දැන ගන්නට තිබේ.


.gif)






Post a Comment