නුවර මෑණියන්ගේ කොට්ට පිම්ම

නුවර මෑණියන්ගේ කොට්ට පිම්ම...!
රෑ පානේ රේස් යන්න නුවර වීදී වෙන්කරන්න
බේබිලා ගේ ෆන් කඩන්න, එපා අනේ එරෙහිවෙන්න
රටක ඉඳන් ආපු සුද්දො මල් වට්ටිය ගත්ත ඔන්න
මාලිගාව ලඟින් යද්දි නයිට් රේස් බලන් යන්න

මාලිගාවේ තේජස දැක දළදා හිමි පිහිට ගන්න
යුරෝපයෙන් සුදු ඇඳගෙන ආපු ඈයො මේ අහන්න
මල් පුදලා තෙල් පුදලා දළදා හිමි වැඳල එන්න
යමින් ගමන් බීර බිබී නයිට් රේස් බලල යන්න

මොණරාගල ඉඳන් ආපු නාකි නඩේ මේ අහන්න 
දළදා හිමි වැන්දානම් ඉක්මනින්ම ගෙදර යන්න
නාකි නේද නුවර නැතේ කිසිවක් උඹලට බලන්න
තව ටිකකින් නයිට් වෙනව, බේබි ඒවි කොඩි වනන්න

ඔලමොට්ටල මී හරකෝ, කාකි සූට් කියයි ඔන්න
ඔය කරත්ත, මල් සයිකල් පාරෙන් අහකට කරන්න
තව ටිකකින් කැන්ඩි ටවුන් සුරපුරයක් වෙයි දිලෙන්න
බාධාවක් තොපි හිටියොත් ඕව අරන් පලකො යන්න

පාර දෙපස අඩි දහයේ පෙට්ටි වෙළඳ සැල් වහන්න 
ඕව එක්ක බැහැනෙ යකුනෙ කැන්ඩියෙ රේසිං පදින්න
මේ දින තුන කඩේ වහලා ගෙදර ඉඳන් බුදිය ගන්න
කන්න බොන්න නැතුවත් ඇති අපි ඒවට මක් කොරන්න

උදේ වරුවේ ඕනෑ නම් දළදා හිමි වැඳලා යන්න
පාර පුරා වැලි පුරවපු ගෝනි තියල ඇතිනෙ ඔන්න 
සුදු ඇඳගත් ඔය අම්මා නුවර ටවුන් පහු කරන්න
ඕනෑ නම් යන්න ඔන්න කොට්ට උඩින් පැනල යන්න
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger