ත්‍රස්තවාදී මානසික රෝගියා නානසාර


ත්‍රස්තවාදී මානසික රෝගියා නානසාර කට අරී: ආචාර්ය ඛෙල්ලන්විල සහ ගලගම ධම්මරංසි හිමිවරුන් පල්ලියේ සුන්නත් කළ හරක් යැයි නිගා කරයි----

2014.ජුලි.01, ප.ව.10.30-9 දෙනෙක් ඝාතනය කරමින් සිය ගණනක දේපොල ගිනි තබමින් රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ වල රැකවරණය ලබමින් අලූත්ගම ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයැවූ බොදු බල සේනා ත්‍රස්ත සංවිධානයේ නායක ගලගොඩ අත්තේ නානසාර මඳ කලක් නිහ~ව සිට අද යලිත් තම ත්‍රස්ත මුඛය හැරියේ ය.

එහිදී ඔහු අලූත්ගම ගියේ සංහිඳියාව ඇති කිරීමට යැයි අසද්ද බොරු කී අතර දේපොල ගිනි තබා දැනට අත් අඩංගුවට ගෙන සිටින පිරිස් වහාම නිදහස් නොකළහොත් යලිත් රට පුරා ත්‍රස්ත කි්‍රයා සිදුකරන බවට තර්ජනය කෙළේය. බොදු බලයට අත තියන්න එන්න එපා යයිද එසේ කළහොත් ඒ ඔවුන්ගේ අවසානය බවටද තර්ජනය කෙළේය.

'මේ සිංහල තරුණයන් අත් අඩංගුවට ගැනීමෙන් වහාම වලකින්න ඕන. නැතිනම් තව නොයෙක් සිදුවීම් රට පුරා පැන නගින්න පුළුවන්. ඒක අපි වගකීමෙන් කියන්න ඕනේ මොකද අපිට පාලනය කරගෙන ඉන්න ප්‍රමාණයක් තියෙනවා.' යි රටේ නීතිය ක්‍රියාත්මක කරනවාට එරෙහි විය.

ත්‍රස්ත නායක නානසාර ආචාර්ය ඛෙල්ලන්විල විමලරතන හිමියන් ගලගම ධම්මරංසි හිමියන් වැනි ආගමික සමගිය ගැන කතා කරන නායක හිමිවරුන්ට දැඩි ලෙස නිගා කෙළේය. ආචාර්ය ඛෙල්ලන්විල විමලරතන හිමියන් ගැන 'අනුකම්පා කරනවා' යි කීවේය. ධම්මරංසි හිමියන් පිස්සු මරගාතයක් ලෙස හැඳින්වීය. එහිමිවරුන් පල්ලි වලින් සුන්නත් වෙච්ච උදවිය හෝ බෞතීස්ම වූ උදවිය යැයි අපහාස කරමින් 'මේ හරක්ද මේ රටට අධ්‍යාත්මික නායකත්වය දෙන්න එන්නේ.?' යි නිගරු කෙළේ තිරිසන් ආකාරයටය. මෙතෙක් කිසිදු අන් ආගමික නායකයෙකු හෝ ලංකාවේ ධර්මධර බහුශ්‍රැත බෞද්ධ ආගමික නායකයෙකුට මෙලෙස නිගා දෙමින් කතා කර නැත.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger