අලූත්ගමදී ආණ්ඩුවේ ආරක්ෂක අංශයන්හි ආරක්ෂාව යටතේ ආණ්ඩුව විසින්ම හදා වඩා ගත් ත්‍රස්ත කණ්ඩායම් වන බොදු බල සේනාවසහ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වන චම්පික රණවකගේ සිංහල රාවය විසින් සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සත්‍ය තොරතුරු සැඟවීමට රෙජීමය විසින් මාධ්‍ය ආයතන වෙත රහසිගත ලිපියක් යවා තර්ජනය කර ඇතැයි විපක්ෂ නායක වරයා හෙළි කෙළේය.
ඔහු එය හෙලි කෙලේ මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවට අයත් සංවිධාන 11 ක් සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ය. එහිකී විපක්ෂනායක වරයා මෙසේ කීය.
''මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවේ නිලධාරීන් සහ ඊට අදාළ මාධ්‍ය සංවිධාන 11 ක නියෝජිතයින් සමගත් විශේෂ සාකච්ඡාවකට සහභාගීවීමට මට අවස්ථාව ලැබුණා. මාධ්‍යවේදීන් මුහුණපාන ප්‍රශ්නත්, මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සම්බන්ධව තිඛෙන ප්‍රශ්න සම්බන්ධවත් එහිදී සාකච්ඡා වුණා. රාජපක්ෂ රෙජිමය අද මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම නැති කිරීමට ක්‍රියා කරනවා. මාධ්‍යවේදීන් සමග ඒ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අද හැකි වුණා.
ආණ්ඩුව පුවත් වාරණයක් ඇති කළේ ආණ්ඩුවේ පව් සැඟවීමට මිස සාමය ආරක්ෂා කිරීමට නොවන බව මම අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. අලූත්ගම සහ බේරුවල සිදුවීමෙන් පසුව පුවත් පත් වාරණයක් ලෙස ලිපියක් සෑම මාධ්‍ය ආයතනයකටම යවා තිඛෙනවා. එම ලිපිය අනුව ක්‍රියා නොකළහොත් නඩු දමන බවත්, විද්‍යුත් මාධ්‍යවල බලපත්‍රවලට ප්‍රශ්න ඇති වන බවත් එමගින් දන්වා තිඛෙනවා. එමෙන්ම ජනමාධ්‍ය ආයතනවලට කතා කොට ආණ්ඩුව පිළිබඳ ප්‍රවෘත්ති පළ නොකරන ලෙසත් අවවාද කළ බව දැනගන්න ලැබුණා.
ආගම් හෝ වර්ගවාදී ගැටුම් ඇති වූ අවස්ථාවලදී ඒවා සමථයකට පත් වන විදිහටත් ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඉදිරියේදී ඇති නොවීමටත් වාර්තා කිරීමට ජනමාධ්‍යවේදීන්ට හැකියාවක් තිඛෙනවා. එවැනි ජාතික හෝ ආගමික ගැටුමකදී සාමය ඇති වන ආකාරයට වාර්තා කරන ලෙස ජනමාධ්‍යවලින් ඉල්ලා සිටිය හැකියි. එසේ ඉල්ලීමක් නොකළත් ජනමාධ්‍ය එම වගකීම් සහගතව ක්‍රියා කරනවා. විශේෂයෙන් ජාති හෝ ආගම් භේද අවුස්සන කතා පළ කිරීමෙන් වැළකීමේ ස්වයං වාරණයකින් යුතුව ජනමාධ්‍ය බොහෝ අවස්ථාවල කටයුතු කරනවා. නමුත් 1983 කළු ජූලිය වැනි අනතුරුදායී කරදරකාරී අවස්ථාවලදී නිල වශයෙන් මාධ්‍ය වාරණ පනවා තියෙනවා. යුධ සමයේදීත් එවැනි අවස්ථා තිබුණා.
අලූත්ගම සහ බේරුවල සිදුවීම් වූයේ මාධ්‍ය වාර්තා නිසා නොවෙයි. එහෙත් අලූත්ගම සහ බේරුවල සිදුවීම්වලට පැමිණි අය කවුරුන් දැයි හෙළි නොකරන ලෙස මාධ්‍යයට දන්වා තිබුණා. දර්ගා නගරයට ගොස් ආගම්වාදී කෝළහාලයක් ඇති වූ බව වාර්තා කිරීම මාධ්‍යයෙන් වළක්වනු ලැබුවා. ආණ්ඩුව උත්සාහ ගත්තේ අලූත්ගමදී ස්වාමීන් වහන්සේ නමකට පහරදුන් සිදුවීමට ප්‍රතිචාරයක් ලෙස ගැටුම් ඇති වූ බව පෙන්වීමටයි. එහෙත් ඇත්ත වශයෙන්ම සිදු වූයේ එවැන්නක් නොවෙයි.
ස්වාමීන් වහන්සේ නමකට පහරදීම නිසා එම ප්‍රදේශයේ සිටින සිංහල ජනතාව කෝපවී මුස්ලිම් ජනතාවට පහරදුන් බව පෙන්වීමට ආණ්ඩුව ක්‍රියා කළා. එසේ අදහසක් ජනතාව වෙත ලබාදීමට උත්සාහ කළේ වෙනත් දෙයක් වසා ගැනීමටයි. සිද්ධිය ඇති වූ ඉරිදා දින අලූත්ගම නගරයේ රැස්වීමක් පැවැත්වූයේත් දර්ගා නගරයට ගියේත් එම ප්‍රදේශයේ ජනතාවත් ස්වාමීන් වහන්සේලාත් නොවෙයි. ආණ්ඩුවේ කණ්ඩායම්වල සහයෝගයෙන් බොදුබල සේනාව එම ස්ථානයට යවා තිඛෙනවා.
එම රැස්වීම පැවැත්වීමට ඉඩ ලබා නොදෙන ලෙස සමහර පොලිස් නිලධාරීන් ඉල්ලා සිටියත්, අකමැත්තෙන් හෝ එම රැස්වීමට ඉඩ ලබා දීමට පොලිස් නිලධාරීන්ට සිදු වුණා. එම රැස්වීමේදී කතා කළේ බුද්ධාගම ගැන නොවන අතර, කුණුහරුප සම්බන්ධවයි. ගැටුම ඇති වුණේ එම රැස්වීමෙන් පසුවයි. එදින රැස්වීමෙන් පසුව ගැටුම් ඇති කළේ දර්ගා නගරයේ සිටින සිංහල ජනතාව නොවෙයි. පිටතින් පැමිණි පිරිසක් එය ආරම්භ කළ අතර, ඒ සඳහා වේදිකාවක් සකස් කර දුන්නේත් පිටතින් පැමිණි පිරිසක් විසිනුයි.
අලූත්ගම සහ බේරුවල ගැටුමේදී ජීවිත සහ දේපොළ අහිමිවී විශාල හානියක් සිදු වු අතර, එම කාරණය වසා ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය වුණා. එමෙන්ම බොදුබල සේනාවේ ඕනෑම ප්‍රවෘත්තියක් පළ කිරීමටත් ඉඩ ලබා දුන්නා. පැය 24 ක් තිස්සේ මාධ්‍ය වාරණයක් ඇති කර තිබුණත් එය තවදුරටත් සිදු කිරීමට ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. අපි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර, විදේශ මාධ්‍යවලිනුත් ඒ පිළිබඳ ප්‍රශ්න කළා.
ආණ්ඩුව විසින් ඇති කරනු ලබන නිල නොළත් මාධ්‍ය වාරණය අද රටට විශාල ප්‍රශ්නයක් වෙලා. නිල නොළත් වාරණය නිසා ඇත්ත ඇති සැටියෙන් හෙළි වන්නේත් නැහැ. එලෙස ඇත්ත හෙළි නොවූ නිසා ජාත්‍යන්තර වශයෙන් සිංහල, බෞද්ධයින්ගේ නමත් නැති වුණා. ඇත්ත හෙළි නොකිරීමෙන් එම ගැටුම් ඇති කළේ එම ප්‍රදේශයේ ජනතාව බව ප්‍රකාශ කළත් එම ප්‍රදේශවල මුස්ලිම් ජනතාව මා සමග ප්‍රකාශ කළේ එම ගැටුම් ඇති කළේ එම ප්‍රදේශවල සිංහල ජනතාව නොවන බවයි. භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළේත් එම ගැටුම් ඇති කළේ පිටතින් පැමිණි පිරිසක් බවයි.
ආණ්ඩුව වාරණයක් දමා තිඛෙන්නේ එම කරුණු වසං කිරීමටයි. බොදු බල සේනාවේ ඕනෑම දෙයක් පළ කිරීමට ද මාධ්‍යට ඉඩ ලබා දී තිඛෙනවා. එලෙස අණ දී ඇති බවත්, තර්ජනය කළ බවත් කර්තෘවරුන් අප සමග ප්‍රකාශ කළා. එහෙත් ජනමාධ්‍යයට වාරණයක් හා පාලනයක් ඇති කිරීමට ඉඩ දිය නොහැකියි.
නිල නොළත් වාරණය පිළිබඳ අපට විශාල ප්‍රශ්න ඇතිවී තිඛෙන අතර, මෙවැනි අවස්ථාවක මාධ්‍ය හැසිර විය යුත්තේ කුමන ආකාරයෙන් දැයි වාර්තාවක් ලබා දෙන ලෙස මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවෙන් මා ඉල්ලා සිටියා. වාරණ දැමිය යුතු අවස්ථා තිබුණත් වාරණයක් නොමැති වුවත් වගකීමෙන් යුතුව මාධ්‍ය කටයුතු කළ යුතු අවස්ථා තිඛෙනවා. එහෙත් රාජපක්ෂ රෙජිමය ඒ පිළිබඳ කටයුතු කළේ නැහැ.
අපි තවමත් උත්සාහ කරන්නේ එම ප්‍රදේශවල ජාතික හා ආගමික වශයෙන් සාමය, සහජීවනය ඇති කිරීමටයි. විපතට පත් ජනතාවට වන්දි ගෙවීමටත් සිදුවී තිඛෙනවා. මම අලූත්ගම සහ බේරුවල සංචාරය කළ නිසා පසුව ජනාධිපතිතුමාටත් එහි නොයා බැරි වුණා. එම සංචාරයෙන් අනතුරුව වත් විපතට පත් ජනතාව වෙනුවෙන් වන්දි ලබා දීමේ කටයුතු ශීඝ්‍රයෙන් සිදු වේ යැයි මා විශ්වාස කරනවා.
නිල නොළත් මාධ්‍ය වාරණය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් බවට පත් වෙලා. ජනතාවට සත්‍ය කරුණු වාර්තාවීමට ආණ්ඩුව ඉඩ ලබා දෙන්නේ නැහැ. පළ කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් පිළිබඳ පුවත්පත්වලට තර්ජනය කරනවා. එමෙන්ම ආණ්ඩුවේ දූෂණය ඇතුළු කිසිදු කරුණක් වාර්තා කිරීමටත් ඉඩ ලබා දෙන්නේ නැහැ. එම නිසා නිල නොළත් වාරණයට විරුද්ධව සටනක් ගෙන යෑමට අපට සිදු වනවා. පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවලටත්, මාධ්‍ය සංවිධානවලටත් නිල නොළත් වාරණයට විරුද්ධව සටන ගෙන යෑමට විශාල වගකීමක් තියෙනවා.
ස්ථාන රැසකදීම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහරදී ඇති බව ද දැනගන්නට තිඛෙනවා. එහෙත් ඒ පිළිබඳ කිසිදු පියවරක් පොලිසිය විසින් අරගෙන නැහැ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහර දෙන විට ඒ පිළිබඳ සොයා නොබලන්නේ නම් එයත් මාධ්‍ය වාරණයක් බව කිව යුතුයි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහරදීම් පිළිබඳ වාර්තා නොකරන ලෙස පුවත්පත්වලට බලපෑම් කර තිඛෙන අතර, එය මාධ්‍යවේදීන්ට තිඛෙන විශාල ප්‍රශ්නයක් බව ද අවධාරණය කිරීමට කැමැතියි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් තිබිය යුතු අතර, ඒ වෙනුවෙන් පොලීසිය ක්‍රියා නොකළේ ඇයි ද යන්න පිළිබඳ පාර්ලිමේන්තුව තුළ හ`ඩ නැගීීමට විරුද්ධ පක්ෂය ලෙස අපි ක්‍රියා කරනවා.
රට විකුණමින් රට නැති කරමින් සිටින අවස්ථාවක නැති වන ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව මාධ්‍ය වාරණ යොදන අතර, ජාතිවාදය ඇති කිරීමට ද ක්‍රියා කරනවා. එහෙත් ආණ්ඩුව යොදන ලද මාධ්‍ය වාරණය නිසා බේරුවල සහ අලූත්ගම පිළිබඳ ලෝකය දැනගත්තේ වෙනත් ප්‍රතිරූපයක් බව කිව යුතුයි. ආණ්ඩුවත්, බොදුබල සේනාවත් ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව සෑම විටම ක්‍රියා කරනවා. සිංහල, බෞද්ධයින් බිල්ලට දුන්නත් එහිදී ප්‍රශ්නයක් නොවූ අතර, එහිදී ගොදුරු බවට පත් වූයේ මුස්ලිම් ජනතාවයි.
ශ්‍රී ලාංකික අනන්‍යතාවය නැති කිරීමට ආණ්ඩුව නිල නොළත් මාධ්‍ය වාරණය සිදු කරනවා. එම නිසා අපි මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව සමග අපි සාකච්ඡා කළේ මේ සඳහා විරුද්ධ විය යුතු ආකාරය පිළිබඳයි. එමෙන්ම විරුද්ධ පක්ෂයත් මේ මාධ්‍ය වාරණයට විරුද්ධව දිගටම සටන් කරනවා. මාධ්‍ය සංවිධාන ඒ වෙනුවෙන් ගෙන යන සටන පිළිබඳ අපේ සහයෝගය ලබා දෙනවා. මෙම කමිටුවට අයත් නොවන මාධ්‍ය සංවිධානවලටත් අපි අපේ සහය දෙන බව කිව යුතුයි. මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය සංවිධානවල අයිතිය ආරක්ෂා කිරීමටත් අපි ඉදිරියේදී ක්‍රියා කරනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටුළු පිළිබඳ විදේශ රටවල තිඛෙන සංවිධාන දැනුවත් කොට අදාළ මාධ්‍යවේදීන්ට ආරක්ෂාව ලබාදීමටත් ක්‍රියා කිරීමට මම සූදානම්වී සිටිනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවිපිල්ලේ මහත්මියට කෙතරම් දොස් පැවරුවත් එම වාර්තාවේ හොඳ කාරණයක් තිඛෙනවා. එනම් මේ රටේ මාධ්‍යවේදීන්ට සිදු වන තර්ජන පිළිබඳ එහි සඳහන් කොට තිඛෙනවා. එය මුළු ලෝකයේම අවධානයටත් ලෝක පාර්ලිමේන්තුවේ අවධානයටත් යොමු වී තිඛෙනවා. එම නිසා මේ සටන අපි දිගටම ගෙන යා යුතුයි.
මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කටයුතු ජාත්‍යන්තර මට්ටමට ගෙන යෑම මට ප්‍රශ්නයක් නොවෙයි. මාධ්‍යවේදීන් සම්බන්ධව කතා කරන විට මට දේශද්‍රෝහියා යැයි කියන්නටත් ඉඩ තිඛෙනවා. කේ.පී. ආරක්ෂා කරන පුද්ගලයින් මට ද්‍රෝහියා යැයි කිව්වත් එය ප්‍රශ්නයක් නොවේ යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ''
එහිදී අදහස් දැක්වූ මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවේ සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී සමන් වගආරච්චි මෙසේ කීය
------------------------------------------------------------------
මේ රටේ මාධ්‍යවේදීන්ට නිල සහ නිල නොවන මට්ටමේ වාරණයන් ගණනාවක් තිඛෙනවා. එමෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ටත් විශාල වශයෙන් ප්‍රශ්න රැසක් තිඛෙනවා. ඒ සඳහා අප විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ප්‍රතිඵලයක් අත් වූයේ නැහැ. වෙබ් අඩවි රැසක් නතර කොට තිබීම පිළිබඳ මානව හිමිකම් කොමිෂමට සහ පොලීසියට පැමිණිලි කළත් අත් වූ කිසිදු ප්‍රතිඵලයක් නැහැ.
පොළොන්නරුවේ මාධ්‍යවේදියෙකු ජනාධිපතිවරයාගේ රැස්වීමක් ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී ඔහුට පහරදීමක් සිදු කොට තිබුණා. ඒ පිළිබඳ මාධ්‍ය සංවිධාන පැමිණිලි රැසක් කළත් කිසිදු පිළිතුරක් ලැබුණෙත් නැහැ. අලූත්ගම සහ බේරුවල සිදුවීමේදීත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පහරදී තිබුණා. මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වෙමින් තිඛෙන අතර, මාධ්‍ය ආයතන තුළත් නිල නොවන මට්ටමින් විවිධ වාරණ තිඛෙනවා. එම වාරණයට විරුද්ධව කටයුතු කළ නිසා මට පුවත් පතක කර්තෘ ධූරයෙනුත් ඉවත් වීමට සිදු වුණා. මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට අපට අවශ්‍යයි.

.gif)

Post a Comment