නව නාවික හමුදාපති ගුවන් හමුදාපති හමුවෙයි

නව නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් ඡයන්ත පෙරේරා මහතා නාවික  හමුදාපති තනතුරට පත්විමෙන් අනතුරුව අද උදෑසන ප්‍රථම වරට ශ්‍රී  ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ  නිළ සංචාරයක නිරත විය.
එහිදී  ගුවන් හමුදා කොළඔ කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් ඩි ජේ සි  වීරකෝන්  මහතා විසින් ඔහු පිළිගත් අතර ගුවන් භටයෝ ගෞරව සමිමාන මුරයක්ද පිරිනැමුහ.
අනතුරුව නාවික හමුදාපතිවරයා  ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා හමු වී සුහද කතාබහක නිරත විය.
එහිදී  දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු පලක හුමවාරු කරගත් අතර  නාවික හමුදාපතිවරයා විසින්  සමරු සටහනක් ද තැබීය.
එම අවස්ථාවේ ගුවන් හමුදා මාණ්ඩලික  ප්‍රධානි ඇතුළු  අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීහු  නව පත්වීමි ලද නාවික හමුදාපතිවරයාට සුභ පැතූහ.

Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger