එකොළොස් හැවිරිදි දැරිය දින එකොළහක්'

යාපනයේ කරයිනගර් පළාතේ ඌරි නැමති ගම්මානයේ එකොළොස් හැවිරිදි පාසල් දැරියක් දින එකොළහක් තිස්සේ වරින් වර දූෂණය කළ බවට නාවික හමුදා සෙබළෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් වී ඇතැයි කරයිනගර් පොලිසිය පවසයි.
බීබීසී සංදේශයේ දිනසේන රතුගමගේ සිද්ධිය සම්බන්ධයෙන් එම දැරියගේ දෙමවුපියන් හා ඥාතීන්ට කථා කළ විට ඔවුන් කියා සිටියේ, ඒ පිළිබඳ තොරතුරු කිසිවකුට කියා තිබුනොත් මුලු පවුලම මරා දමන බවට කිසියම් පිරිසක් විසින් තමන්ට තර්ජනය කරණ හෙයින් තොරතුරු කිව නොහැකි බවයි.
සිද්ධිය සැලවීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා,සුරෙෂ් ප්‍රේමචන්ද්‍රන්, එස්.සරවනබවන්, ඇතුළු පිරිසක් දැරියගේ නිවසට ගොස් කරුණු විමසා ඇත.
ඉන් අනතුරුව බීබීසී සංදේශයේ දිනසේන රතුගමගේ සමඟ අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ, දැරියගේ නිවස අසල පිහිටි නාවික හමුදා කඳවුරක සෙබළෙකු දැරියට දින එකොළහක් පාසලට යාමටවත් ඉඩ නොදී ඇය රදවා ගෙන දූෂණය කොට ඇති බවයි.

දවස් එකොළහක් රඳවා තබා

දැරිය දිගින් දිගටම පාසලට නොපැමිණීම නිසා ගුරුවරු ඇයගේ නිවසට පැමිණ කළ විමසීමකදී සියලු තොරතුරු හෙළි වී ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
එම ළමා දූෂණ අපචාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, දූෂණයට ගොදුරු කර ගත් දැරිය මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රෝහලට ඇතුළත් කොට සිටින අතර යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බවයි.
වෛද්‍ය වාර්තාවට අනුව දැරිය දූෂණය කොට ඇති බව බවට නිගමනය කෙරී ඇතැයි සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී අජිත් රෝහණ දැරියගේ ප්‍රකාශයේ සඳහන් වන නාවික හමුදා සෙබළා අත් අඩංගුවට ගැනීම පිණිස පොලිසිය පියවර ගනිමින් සිටින බවයි සඳහන් කළේ.
නාවික හමුදාවට මේ ගැන දැනුම් දීමෙන් පසු ඔවුන් ද අපරාධය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වන අතර පොලිසියට සිය පූර්ණ සහාය ලබා දීමට නාවික හමුදාව එකඟ වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී අජිත් රෝහණ පවසයි.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger