නැගෙනහිර යුක්රේනය ආසන්නයේදී මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 යානය අනතුරට පත්වීමෙන් තමන් කම්පනයට පත්වූ බවත්, මේ මහා අනතුර ඛේදවාචක දිනයක් වන අතර, එය මැලේසියාවට ඛේදවාචක වසරක් උදාකර ඇති බවත් එරට අගමැති නජීබ් රසාක් පවසා සිටියේය.
මේ වනවිට යානය තුළ පුද්ගලයන් 298ක් ගමන් කර ඇති බව තහවුරු කරගෙන ඇති අතර (මුලින් පැවසුනේ පුද්ගලයන් 295ක් බවය), එය රුසියානු දේශසීමා ආසන්නයේ නැගෙනහිර යුක්රේනයේ කැරලිකරුවන් පාලනය කරන ප්‍රදේශයක් වෙත කඩා වැටී තිබුණි.
මේ වනවිට ගැටුමකට මුල පුරා සිටින යුක්රේනය මෙන්ම රුසියානු හිතවාදීන් ඔවුනොවුනට චෝදනා නඟමින් මෙම යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර එය බිම හෙළා ඇති බව කියයි.
යානය වෙත BUK මිසයිලයක් එල්ල වී ඇති බවට සැකයක් පවතී
ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දෙන්නේ මෙහි ගමන් ගත් වැඩි පිරිසක් මෙල්බර්න් නුවර පැවැත්වීමට නියමිත එච්.අයි.වී/ඒඩ්ස් ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීමට පැමිණි අය බවයි.
මේ අතර, සෙසු ගුවන්සේවා සමාගම් කියා සිටියේ ඔවුන් නැගෙනහිර යුක්රේන ගුවන් කලාපය මගහැර ගමන් කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වා ඇති මැලේසියානු අගමැතිවරයා පෙන්වාදී ඇත්තේ යානය ගමන්ගත් මාර්ගය ආරක්ෂිත බව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් තහවුරු කර තිබූ බවයි. එමෙන්ම, යානයෙන් අනතුරක් පිළිබඳ දැනුම්දීමක් සිදුකර නොමැති බවද හෙතෙම පවසයි.
“අපට තවම යානයට සිදුවූ දේ හරියටම කියන්න බැහැ. නමුත්, එය තහවුරු කරගැනීම අප කළ යුතුයි. අප එය අනිවාර්යයෙන්ම කරනවා.” යැයි අගමැතිවරයා පවසා සිටියේය. “යම් හෙයකින් යානය වෙඩි තබා බිම හෙලා ඇති බව ඔප්පු වුණොත්, ඊට වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට අපට කටයුතු කරනවා.”

.jpg)
.jpg)
.gif)






Post a Comment