තංගල්ල හිටපු සභාපතිත් විසි වසරක් හිරේ

තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී   2011 නත්තල් දිනයේදී කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය රතුකුරුස සේවකයා මරා ඔහුගේ පෙම්වතිය වූ රුසියා ජාතික වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කළ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු හතර දෙනකුට කොළඹ මහාධිකරණය අද වසර 40ක සිර දඬුවම් පැනවීය.
කුරාම් ෂෙයික් මැරීමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද, වික්ටෝරියා සමූහ දූෂණය කිරීමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළ විනිසුරුවරිය දඬුවම එක වර ගෙවී යන ලෙස ද නියෝග කළාය.
මාස තුනක පමණ කාලයක් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ නඩුව විභාග විය.
ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය, සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ සහ ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග වැරදිකරුවෝ වූහ. එම් සරත් හෙවත් සහන් හා ප්‍රගීත් චතුරංග නිදහස් කරනු ලැබූහ.
අගතියට පත් පාර්ශ්වයට රුපියල් දෙලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරිය සියලු වැරදිකරුවන්ට නියම කළාය.

Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger