අන්තර් ජාලය ඔස්සේ ළමුන් අපයෝජනයට පොලඹවා ගැනීමට උත්සාහ දරන ශ්‍රී ලාංකිකයන් 2500 පමණ කොටුකර ගැනීමට උත්සාහ දරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
අධිකාරිය මෑතක දී ආරම්භ කළ අන්තර් ජාල ගවේෂණ ඒකකය මගින් දැනටමත් හත් දෙනකු අත් අඩංගුවට ගෙනීමට සමත් වූ බවයි ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපතිනිය අනෝමා දිසානායක සංදේශයට පැවසුවේ.
ඔවුන් අතර විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු, ක්‍රීඩා උපදේශකයකු, සහ රජයේ දෙපාර්තමේන්තුවක හා පරිගණක ආයතනයක වැඩ කරන පුදගලයන්ද සිටින බව ඇය ප්‍රකාශ කළාය.
තවත් 30 දෙනකු සමඟ අන්තර් ජාල ගවේෂණ ඒකකය සම්බන්ධකම් පවත්වන බවත් ඔවුන්ද තොරතුරු සනාථ වුවහොත් නොබෝ දිනකින් අත් අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් ඇය පැවසුවාය.
2500 ක් පමණ පුද්ගලයන් අපයෝජනය කිරීම සඳහා ළමුන් පොලඹවා ගැනීමට අන්තර් ජාලය ඔස්සේ උත්සාහ දරන බව අනාවරණය කර ගෙන ඇති බවත් සභාපතිනිය දිසානායක ප්‍රකාශ කළාය.
නමගිය පුද්ගලයන්
මේ පිරිස් ශ්‍රී ලංකා සමාජයේ ඉහල නිල තල දරන පුද්ගලයන් බවයි ඇය සඳහන් කළේ.
අන්තර් ජාල ගවේෂණ ඒකකයේ නිලධාරීන් ළමුන් ලෙස පෙනී සිටිමින් ළමයින් සමඟ අන්තර්ජාලයේ පණිවිඩ හුවමාරු කරගනිමින් ඔවුන් හඳුනා ගැනීම සිදුකෙරෙන බවයි ඇය පැවසුවේ.
අපචාරවලට ග්‍රහණය කර ගත් අවස්ථා ගැන තොරතුරු ඇත්දැයි විමසූ විට ඇය පැවසුවේ ළමුන්ගෙන් මෙතෙක් පැමිණිලි ලැබී නැති නමුත් ළමුන්ට සිදුවූ හිරිහැර ගැන ලැබුණු පැමිණිලි සලකා යළිත් අන්තර් ජාල ගවේෂණ ඒකකය ක්‍රියාත්මක කළ බවයි.


.gif)






Post a Comment