අවුරුදු හයක දැරිය කෙළෙසූ ගුරා අත්අඩංගුවට

තමන් ඉගෙනගත් පාසලේදීම සමූහ දූෂණයට ලක්වූ හය හැවිරිදි පාසල් දැරියට එම අපරාධය සිදුකළ ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය සමත් වී තිබේ.
ස්කේට් ක්‍රීඩා උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති මෙම තැනැත්තාගේ ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමේදී ළමා අපරාධ සම්බන්ධ වීඩියෝ දර්ශනයන්ද හමුවී ඇති බව පොලීසිය කියයි.
දරුවා ඉගෙනගත් බැංගලෝර් පාසලේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් දෙදෙනෙකු මීට සම්බන්ධ වී ඇති බව අනාවරණය වී තිබුණත්, අනෙක් තැනැත්තා තවම අත්අඩංගුවට පත්ව නැත.
පසුගිය ජූලි 02 වැනිදා මෙම අපරාධය සිදුවී තිබුණත්, ඉන් දින කිහිපයකට පසු දරුවා බඩේ අමාරුවක් යැයි පැවසීමෙන් රෝහල්ගත කිරීමේදී මෙම සිදුවීම අනාවරණය වී තිබේ.
මේ අතර, පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමවුපියන් පාසල ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් තම දරුවන් නැවත එම පාසලට නොඑවන බවට වර්ජනයක නිරත වූ අතර, මේ සමගම පරීක්ෂණ කඩිනම් වූ බව කියැවෙයි.
ඉන්දියාව තුළ ස්ත්‍රීන්ට එල්ල වන අපරාධ තවමත් පහව ගොස් නැති අතර, පසුගිය කාලය පුරාවට නීති තද කළත් එය සමාජ ව්‍යසනයක් බවට පත්ව තිබේ.

Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger