‘හමාස්’ සංවිධානයට එරෙහිව ගාෂා තීරයට දිගින් දිගටම එල්ල කෙරෙන ඊශ්‍රායල් ප්‍රහාරවල දී පලස්තීන පවුල් දෙකකට අයත් තිස් දෙනකුට අධික පිරිසක් මරා දමා ඇතැයි පලස්තීන වෛද්‍ය නිලධාරීහු පවසති.
‘ගාෂා’හි නිවැසියන්ට ඉවත් වෙන මෙන් දැනුම් දී ඇති පලස්තීන කලාප දෙකකට ඉහළින් ඊශ්‍රායල් ගුවන් යානා පියාසර කරමින් තිබුණ බවක් ද වාර්තා වෙයි.
මේ අතර, ඊයේ ඉරිදා ඊශ්‍රායල් සොල්දාදුවකු අල්ලා ගත් බවට ‘හමාස්’ සංවිධානය විසින් කරනු ලබන ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පෙනී සිටින ඊශ්රාල් තානාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
‘ගාෂා’ නගරයේ පැවති දරුණු ගැටුමක දී එම ඊශ්‍රායල් සොල්දාදුවා අල්ලා ගත් බව ‘හමාස්’ ව්‍යාපාරය ප්‍රකාශ කළත් තානාපතිවරයා පවසන්නේ එය අසත්‍ය ප්‍රකාශයක් බවයි.
‘හමාස්’ ව්‍යාපාරය විසින් පහර ගනු ලැබුණ සිය එක් සොල්දාදුවකු මුදා ගනේමට පලස්තීන සිරකරුවන් දහසක් නිදහස් කිරීමට මෙයින් වසර තුනකට පෙර එශ්‍රයලයට සිදු විය.


.gif)






Post a Comment