මීගලෑව දරුවා ගල්තලාවකත් රඳවාගෙන

ගල්ගමුවේ දරුවා පැහැරගත් සිව් දෙනා රැඳවුම් නියෝග මත රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කප්පම්කරුවන් එම දරුවා අඹන්පොළ නිවසක ද, අඹන්පොල හා මීගලෑව අසල කැලේ මහ ගල් තලාවක ද රඳවාගෙන සිටි බව ද කියති.
ඔවුන් සිම් කාඩ් හතක් පාවිච්චි කරමින් දරුවාගේ සීයා සමග කප්පම් ඉල්ලා ඇති බව ද පොලිසිය කියයි. එක් සිම් කාඩ් පතක් ලබාගෙන ඇත්තේ කොළඹ නාටාමි කෙනකුගේ හැඳුනුම්පතක් උපයෝගී කර ගනිමිනි.
සිම් කාඩ් සපයන්නකු එම හැඳුනුම්පතට  සිම්කාඩ් දෙකක් නිකුත් කර ඇති බවත්, එම පුද්ගලයා ද දරුවා පැහැරගැනීමට ආධාර හා අනුබල දීම යටතේ අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය පවසයි.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger