කප්පම ගන්න සීයා පස් පොළකට ගෙන්නයි

මීගලෑව දිනිඳු යශේන්ගේ සීයාගෙන් රුපියල් කෝටියක් ගැනීම එම දරුවා පැහැරගත් කොල්ලකරුවන්ගේ අරමුණ වී තිබිණැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මීට සුළු මොහොතකට පෙර අවසන් වූ මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
දරුවාගේ පියා ද මව ද අක්කා ද මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වූහ.
රුපියල් 20,000කට  ගත් නිවෙසක දරුවා රඳවා තබාගෙන ඇති බව ද මෙහිදී පැවැසීය.
කප්පම්කරුවන් පැමිණ ඇත්තේ දරුවා පැහැර ගැනීමට නොව ඔහුගේ  පියා පැහැරගෙන දරුවාගේ සීයාගෙන් (මවගේ පියාගෙන්) රුපියල් කෝටියක් කප්පම් ගැනීමට බව පෙනේ යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
කප්පම් ගැනීමේ අදහස පහළ වී ඇත්තේ දරුවාගේ පුංචි අම්මාට ඉදිරිපත් වූ මංගල යෝජනාවකින් පසුවය. ගෙවල් දොරවල් බැලීමට මනමාලයාගේ යහළුවකු ලෙස ආ පුද්ගලයාට කප්පම් කෑමේ අදහස ඇති වූයේ තම දුවට රුපියල් කෝටියක දායාද දෙන බව දරුවාගේ සීයා කී නිසා විය හැකි යැයි  රෝහණ මහතා කීය.
එම  පුද්ගලයා කප්පම් සිද්ධියේ ප්‍රධාන සැකකරුය.
දරුවාගේ පියාවන මහින්ද කුමාර පැහැර ගැනීම ආ කොල්ලකරුවන්  අන්තිම මොහොතේ එම අදහස  වෙනස්කර  දරුවා පැහැගෙන ඇත.
සිව් වැනි දිනය වන විට රුපියල් කෝටිය රුපියල් 35 ලක්ෂය දක්වා අඩු කරගැනීමට සමත් වූ බවත් කප්පම්කරුවන් හා හුවමාරු කර ගත් සියලු තොරතුරු හා ඔවුන් සිටිනා තැන් නවීන තාක්ෂණ පිහිටෙන් හොඳින් හැඳින ගත් බවත් කීය.
දරුවා ජීවතුන් අතර  සිටිනා බව සැකහැර පෙන්වීමට කප්පම්කරුවන් දරුවාගේ පංචායුදය එවා ඇත. පසුව සීයාට ද දරුවා හා කතා කිරීමට කොල්ලකරුවන් ඉඩ දී ඇත. එසේ කර ඇත්තේ සීයාගේ ඉල්ලීමකටය.
පංචායුධය දුන් පුද්ගලයාගෙන් ලත් තොරතුරු මත ක්‍රියාකළ පොලිසිය කප්පම්කරුවන්  සිටින තැන් හොයා ගත්තේය. ඔවුනට පැන යාමට නොහැකිවන ලෙස ඔවුන් කොටු කළේය.
දරුවා ස්ථාන දෙකක රඳවා තබාගෙන ඇත. කප්පම් ලබා ගැනීමට සීයාව ස්ථාන හතකට ගෙන්වා ඇත. එහෙත් කප්පමින් සත පහක්වත් ලබාගැනීමට ඔවුන්ට නොහැකිවිය.
කප්පම්කරුවන් අත දුරකතන සිම් කාඩ් පත් හතක් තිබූ බවත් මෙම සිද්ධියේ දී ඔවුන් පාවිච්චි කරන ලද සිම් කාඩ් පත් දෙකෙන් එකක් කොළඹ නාට්ටාමි කෙනකුගේ නමට තිබූ බවත් අජිත් රෝහණ මහතා පැවැසීය.
එම සිම් කාඩ්පත් ලබා ගත් ආකාරය ගැනත් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවත් ඒ අනුව ඔවුනට ද දඬුවම් පමුණුවන බවත් කීය.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger