MH17 ප්‍රහාරය අත්වැරැද්දක් රුසියාවේ සෘජු සම්බන්ධයක් නෑ

(UPDATE) MH17 ගුවන් යානය අනතුරට පත්වීමට හේතුව රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් අත්වැරදීමකින් තැබූ මිසයිලයක් විය හැකි බවත්, ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවේ සෘජු සම්බන්ධයක් සොයාගැනීමට නොහැකි බවත් ඇමෙරිකානු විශේෂඥයන් පවසයි.
එමෙන්ම, අනතුරට පත් යානයේ මළ සිරුරු රැගත් ගුවන් යානයක් යුක්රේනයේ සිට නෙදර්ලන්තය බලා පිටත්ව ගිය බවද පැවසෙයි.
මේ අතර, ඊයේ දිනයේදී MH17 ගුවන් යානා අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ මළ සිරුරු රැගත් ශීතකළ දුම්රිය රුසියානු හිතවාදී කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශයෙන් පිටත ඛාර්කිව් නගරය වෙත පැමිණි බව විදෙස් පුවත් සේවා පවසා තිබුණි.
පසුගිය බ්‍රහස්පතින්දා පුද්ගලයන් 298කට දිවි අහිමි කරමින් විනාශ වී ගිය MH17 යානය යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන්ගේ පාලනය සහිත ප්‍රදේශය වෙත කඩා වැටී තිබුණි.
මේ අතර, මෙම කඩා වැටීම සිදුවූ කලාපය වෙත ගොස් සිටින අන්තර්ජාතික නිරීක්ෂකයන් පවසා සිටියේ, ඔවුන් එම ස්ථානයට මුලින්ම ගිය විට දුටු යානයේ කොටස් නැවත එහි යනවිට වෙනස්කම්වලට ලක්ව තිබූ බවයි.
මීට පෙර, බටහිර ජාතීන් මෙම ප්‍රහාරය රුසියානු හිතවාදීන් විසින් රුසියාවෙන් ලැබුණු බක් මිසයිලයක් යොදා ගනිමින් සිදුකළ ප්‍රහාරයක් බව හඳුන්වද්දී, රුසියාව පැවසුවේ මෙය යුක්රේනය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් බවයි.


Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger