MH17 මළගම මැලේසියානු ගුවන් සේවයේත් මළගමද?

ලොවම තැතිගන්වමින් සිදුවූ MH17 ගුවන්යානා අනතුරින් පසු මැලේසියානු ගුවන් සේවයේ කොටස් අගය 11% කින් පහළ වැටී ඇති බව වාර්තා වෙයි. 
MH17 ගුවන්යානයේ මළගම මැලේසියානු ගුවන් සේවයේද මළගම විය හැකි බවට මත පළ වන්නේ එම සමාගම මේ වසර තුළ මුහුණ දුන් දෙවැනි මහා ඛේදවාචකය මෙම අනතුර වීම නිසාය. මීට පෙර, පසුගිය මාර්තු මාසයේදී මැලේසියානු ගුවන් සේවයටම අයත් MH370 යානය දකුණුදිග ඉන්දීය සාගර කලාපයේදී පුද්ගලයන් 239 දෙනෙකු අතුරුදන් වූ අතර, එම යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් මේ වනතෙක් සොයාගැනීමට අපොහොසත් වී තිබේ.
ඒ අනුව, මේ වනවිටත් දැවැන්ත මූල්‍ය අර්බුද රැසකට මුහුණදෙමින් සිටි මැලේසියානු ගුවන් සේවයට මෙම අලුත්ම ව්‍යසනයත් සමග තවදුරටත් සිය ව්‍යාපාරයේ රැඳී සිටීමට හැකියාවක් පවතින්නේද යන පැනය ඇති වී තිබේ.
එමෙන්ම, පසුගිය මාස 9ක කාලය තුළ පමණක් ගුවන් සේවයේ වෙළෙඳ පොළ වටිනාකම තවදුරටත් 40%කින් පහළ යෑමද සුළු පටු කාරණයක් නොවේ.
ඒ අනුව, මෙම මහා ව්‍යසනයන් සමග ගුවන් සේවය ආරක්ෂා කරගැනීමට නම් කෙටි කාලීනව තවදුරටත් ආයෝජන අවශ්‍යව ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
නමුත්, එහි අනෙක් ගැටලුව වන්නේ කෙටි කාලීන ආයෝජනයන් සමග ගුවන් සේවය යළි ගොඩගැනීමට පියවර ගත්තද, දිගුකාලීනව එයට රැඳී සිටීමට හැකිවේද යන්නයි.
මන්දයත්, පසුගිය මාර්තු මාසයේ අතුරුදන් වූ යානය මෙන්ම, මෙම යානය යුද කලාපයක් ඉහළින් ගමන් කිරීම වැනි උභතෝකෝටිකයන් හමුවේ මගීන් තම සංචාරයන් වෙනුවෙන් ඉදිරියටත් මැලේසියානු ගුවන් සන්නාමය තෝරා ගනීවිද යන පැනය ඉතිරිව ඇති බැවිනි.


Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger