හොර නෝට්ටු කප්පිත්තෙක් මාස්පොතින් අල්ලයි

රුපියල් පන්දහසේ,දහසේ හා පන්සියයේ හොර නෝට්ටු මුද්‍රණය කැර වයඹ පළාතේ  මාරු කරන බව කියන තිදෙනකු හොර නෝට්ටු 32 ක් සමඟ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල දිසා අපරාධ ඒකකය කියයි.
ප්‍රධාන සැකකරු  තංගල්ල පදිංචිකරුවකු බවත් අනික් දෙදෙනා මාස්පොත හංගමුවේ  පදිංචිකරුවන් බවත් කියති.
ඉන්ධන හල් වලටද පාරේ වෙළදාම් කරන්නවුන්ට ද වැඩි වශයෙන් හොර නෝට්ටු දී ඇතැයි ද රුපියල් පනස් දහසක පමණ එවැනි නෝට්ටු මාරු කැර ඇතැයි ද පොලීසිය පවසයි. ප්‍රධාන සැකකරුට එරෙහිව  හොර නෝට්ටු නඩු තංගල්ල,පොල්ගහවෙල හා මීගමුවේ පවතින බව පොලීසිය කියයි.

Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger