MH 17 යානයේ මළසිරුරු 196 ක් සොයා ගැනේ

දින තුනකට පෙර යුක්‍රේනයට ඉහළ අහසේ දී අනතුරට පත් මැලේසියානු ගුවන් සේවයට අයත් MH 17 යානයේ ගමන් ගත් මගීන්ගේ මළසිරුරු එකසීය අනූ හයක් සොයා ගෙන ඇති බව ප්‍රදේශයේ සහන සේවකයෝ ප්‍රකාශ කරති.
සොයා ගත් මළසිරුරු වලින් බොහොමයක් ටොරේස් නගරයට නුදුරින් පිහිටි ප්‍රදේශයක ඇති අධි ශීතකරණ සහිත දුම්රිය මැදිරි තුල ගබඩා කර ඇති බවයි රුසියාවට හිතවත් කැරලිකරුවන්ගේ ප්‍රකාශකයෙක් පවසා තිබෙන්නේ.
ගුවන් යානය අනතුරට පත් වන විට කාර්ය මණ්ඩලය ඇතුළුව මගීන් දෙසීය අනූ අට දෙනෙක් එහි ගමන් කරමින් සිටියහ.
එම පිරිසෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් නෙදර්ලන්ත ජාතිකයන්.
අනතුරට පත් ගුවන් යානයේ සුන්බුන් සහිත ප්‍රදේශයට අඩු ආරක්ෂාවක් සපයා තිබීම හෙලා දකින බවයි ඇමරිකානු එක්සත් ජනපදය ප්‍රකශ කළේ.

මළසිරුරු ගබඩා කර අතැයි පැවසෙන අධි ශීතකරණ සහිත දුම්රිය මැදිරි
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger