දැරියන් දූෂණය කළ තිරිසන් සෙබලූන් 7 දෙනා නිදහස ලැබුවේ කෙසේද?

11 හැවිරිදි දැරියක් දින 11 ක් දූෂණය කළ, තවත් 9 හැවිරිදි දැරියක් ද දූෂණය කළ කරෙයිනගර් නාවික කඳවුරේ තිරිසන් සෙබලූන් 7 දෙනා නිදහස ලැබුවේ කෙසේද? දකුණට එක නීතියක් උතුරට තවත් නීතියක්ද?-----

(ලංකා ඊ නිව්ස් -2014.ජූලි.19, ප.ව.11.30) බාල වයස්කාර දැරියක් සඟවාගෙන මාස ගණනාවක් පුරා දූෂණය කළ අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුවා සුනිල් නමැත්තා ජනතා විරෝධය නිසා හෝ අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළද උතුරේ අවුරුදු 11 ක දැරියක් දින 11 ක් තිස්සේ සහ තවත් අවුරුදු 9 ක දැරියක් ද දූෂණය කළ නාවික හමුදා භටයන් පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමේ තිරිසන් සිදුවීමක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

මෙකී තිරිසන් සිදුවීම වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර්හි ඌරි නම් දිළිඳු ගම්මානයෙනි. එහි විසූ වයස 11 ක දැරියක් කැලෑ බද මාර්ගයකින් පාසැල් යද්දී ඇයට පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කළ කරෙයිනගර් නාවික කඳවුරේ සෙබලූන් පිරිසක් ඇය පැහැරගෙන දූෂණය කර තිබේ. ඇයට තර්ජනය කරනවා ප්‍රදේශයේ මහළු පුද්ගලයෙක් දැක ඇති නමුත් ඒ බව පැවසුවහොත් ඔහුවද මරණ බවට තර්ජනය කර ඇත. පාසැල් යද්දී පැහැරගෙන පාසැල ඇරී ගෙදර යන වේලාවේදී ඇය නිදහස් කර ඇති අතර කාට හෝ කීවහොත් මරා දමන බවට තර්ජනය කර තිබේ. මෙසේ එක දිගට දින 11 ක් තිස්සේ නාවික හමුදාවේ තිරිසන් සෙබලූන් 7 දෙනෙක් මේ අසරණ දැරිය දූෂණය කර ඇත.

දරිය පාසැල් නොපැමිනීම ගැන සොයා බැලීමට පාසැලෙන් නිවසට පැමිණ කරුණු සොයා බලද්දී මේ තොරතුරු හෙළි වී ඇති අතර වයස අවුරුදු 9 ක් වන ඇයගේ ඥාති දරියක්වද මේ ලෙසටම නාවික හමුදා තිරිසන් සෙබලූන් කණ්ඩායම දූෂණය කර ඇත.

තවමත් හමුදා පාලනය යටතේ පවතින මෙම ප්‍රදේශයේ නාවික හමුදා සෙබලූන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සාධාරණව ක්‍රියාත්මක නොවූ අතර පොලිසිය හැසිරී ඇත්තේ දැරිය නාවික හමුදා සෙබලූන්ව දූෂණය කළ ආකාරයට ය. දැරිය රෝහල් ගත කෙරී ඇති අතරේ මුදල් රැගෙන සිද්ධිය ගැන කතා නොකර සිටින ලෙසට දරියගේ මවට සහ අක්කාට තර්ජනය කර තිබේ.

කෙසේ වෙතත් ඌර්කාට්තුරෙයි පොලිසිය විසින් ඊයේ 18 දා නාවික හමුදා සෙබලූන් 7 දෙනෙකු ළමා මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ අතර අධිකරණය එම අවස්ථාවේදීම හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පවත්වා තිබේ. මෙහිදී නීතිය අවනීතිය කරමින් නාවික සෙබළුන් පෙරෙට්ටුවට ඉදිරිපත් කර ඇත්තේ නාවික හමුදා ඇඳුමින් හිස් වැසුම් පවා සහිතව ය. හිස් වැසුම් සහිතව හඳුනාගැනීමේ පෙරෙට්ටුවලට තබන ලෝකයේ එකම අධිකරණ ඇත්තේ උතුරේ මරාධිකරණ පමණක් විය යුතුය. හඳුනාගැනීමට ඉදිරිපත් කර ඇත්තේ ද 11 හැවිරිදි දැරිය පමණි. 9 හැවිරිදි දැරිය ඉදිරිපත් කර නැත.

11 හැවිරිදි දැරියට හිසවැසුම් සහිතව සිටි පිරිසගෙන් තමන්ට අතවර කළ පුද්ගලයන් හඳුනාගැනීමට නොහැකි වී ඇතැයි පැවසුනද ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන්නේ හඳුනාගතහොත් පවුලම මරා දමන බවට තර්ජනය කර තිබූ බවකි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා නාවික හමුදා සෙබළුන් පිරිස රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමෙන් පසුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙක් යටතේ සවස යලිත් නඩුව කැඳවා හඳුනාගත්තේ නැති හේතුව ඉදිරිපත් කරමින් සෙබළුන් පිරිස ඇප මත නිදහස් කරවාගෙන තිබේ. මෙය පුදුමයට කාරණයකි. වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙක් ලෙස ඉදිරිපත් වන්නේ එකී අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකි. සාමාන්‍යයෙන් එවැන්නෙක් ප්‍රධාන මහේස්ත්‍රාත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ සැකකරුවන්ට ඇප ලබා නොදෙන නමුත් මෙහිදී ඇප ලබා දී තිබීම පුදුමයක් පමණක් නොව අපුල දනවන සිදුවීමකි. නීතිය අයුක්තියට භාවිතා කිරීමකි.

මේ සම්බන්ධයෙන් දකුණේ මාධ්‍ය සත්‍ය විකෘති කරමින් නාවික හමුදා සෙබලූන් රිමාන්ඩ් කළ බව පමණක් පවසා තිබේ. පසුව ඔවුන් ඇප මත නිදහස් කළ බව නොකියයි. දකුණේ සංවිධාන මේ තිරිසන් අවනඩුව ගැන මුනිවත රකිද්දී අද ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. කරෙයිනගර් සුන්දර මූර්ති නායර් විදුහලේ දැරිය දින 11 ක් තිස්සේ ලිංගික අතවරයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන්ට මරණ තර්ජන එල්ල වී ඇති නිසා නිෂ්ශබ්දව සිටිතැයි පවසන ගුරු සංගමය මේ පිළිබඳ අඛණ්ඩව විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ශී්‍ර ලංකා ළමා රක්ෂන අධිකාරියට පීපී/14/07/484 අංකයෙන් යුතුව පැමිණිල්ලක් කර ඇත.

තමාටද දියණියන් දෙදෙනෙකු සිටින නව නාවුක හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා තම නාවික භටයන් කරන ලද තිරිසන් ක්‍රියාව කෙරෙහි ගන්නා ක්‍රියාමාර්ගය අනුව ඔහුගේ මහත්තැන් කම තීරණය වනු ඇත.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger