ඇමෙරිකාවටත් අබ සරණයි

'සැබෑ අන්තවාදීන්, ත්‍රස්තවාදීන්' හඳුනා නොගෙන නිරායුධ තමන් ත්‍රස්තවාදීන් ලෙසින් 'හංවඩු ගහන' ඇමෙරිකා එක්සත් ජනපදයටත් 'අබ සරණ' ලැබෙනු ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියෝ පවසති.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එහිමියන්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීම පිළිබඳව තමන් වහන්සේට කිසිදු කනගාටුවක් නැති බවද ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන් ඒ බව සඳහන් කළේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී අලුත්ගම ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.
යතුරු ලියන වැනි ඉපැරණි උපකරණ යොදා ගෙන දීර්ඝ කාලයක් ගත කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය සහ අධිකරණය ඇතුළු ආයතන 'මීට අවුරුදු සීයකට විතර කලින් තිබුණු පැරණි ක්‍රමවේද' යොදා ගනිමින් පරීක්ෂණ පවත්වන ආකාරය ද එහිමියන්ගේ දැඩි විවේචනයට ලක් විය.
"ලෝකේ කොච්චර ඉස්සරහට ගිහිල්ලද? මේ නීති ක්‍රම පවා වෙනස් වෙන්න ඕනේ," යනුවෙන්ද එහිමියෝ පැවසූහ.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger