ඥානසාර හිමියන්ට ඇමෙරිකානු සම්බාධක

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇමෙරිකානු වීසා බලපත් අවලංගු කරනු ලැබ ඇත.
ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ඥානසාර හිමියන් අමතමින් පසුගිය සිකුරාදා එම තීන්දුව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවයට දුරකතනය ඔස්සේ ප්‍රකාශයක් කළ බොදු බල සේනා ප්‍රකාශක දිලන්ත විතානගේ කියා සිටියේ, එක්සත් ජනපදයට ඇතුල් වීම සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිකුත් කරනු ලැබ තිබුණ වීසා අවලංගු කිරීමේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු තීන්දුව තානාපති කාර්යාලය මගින් දැනුම් දුන් බවයි.
පුද්ගල මට්ටමින් වීසා ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් පළ නොකරන බවයි, මේ ගැන විමසීමක් කළ විට කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

අවුරුදු පහකට වීසා

මේ අතර තානාපති ආරංචි මාර්ගයක් බීබීසී සංදේශයට කියා සිටියේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර පහක කාලයක් සඳහා වලංගු වීසා බලපත්‍රයක් ඇමෙරිකාව විසින් නිකුත් කරනු ලැබ තිබුණ බවයි.
එවැනි වීසා බලපත් සහිත පුද්ගලයකුට එම අදාළ කාල සීමාව ඇතුළත අලුතින් වීසා ලබා ගැනීමෙන් තොරව එම රටට සංචාරය කිරීමට අවසර ලැබෙයි.
පසුගියදා තුන් දෙනකුට මාරු කැඳවමින් තවත් හැත්තෑ පස් දෙනකුට පමණ තුවාල සිදු කරමින් අලුත්ගම සහ බේරුවල පලාත්වල පැතිර ගිය ගැටුම් වලට තම සම්බන්ධයක් නොමැති බව බොදු බල සේනා සංවිධානය පවසයි.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger