ජනපතිට විරෝධය දක්වන්න කොටි සුදානමක්

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර ලබන ජුලි 23 සිට අගෝස්තු 3 දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුවහොත් ඔහුටත් රටටත්  අගෞරව වන ආකාරයට ශ්‍රී ලංකා විරෝධී විශාල උද්ගෝෂණයක් දියත් කිරීමට මහා බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්පෝරාව මේ වන විටත් සුදානම් වී ඇති බවට තොරතුරු හෙළි වෙමින් පවතියි.
විරෝධතාවය සඳහා කොටි හිතවාදීන් ග්ලාස්ගොව් නුවරට ගෙනයාමට බ්‍රිතාන්‍යයේ විවිධ ප්‍රදේශවලින්  බස් රථ රාශියක් සුදානම් කර ඇති ලන්ඩනයේ කොටි ක්‍රියාකාරීන් අවශ්‍ය වුවහොත් මුළු යුරෝපයෙන්ම දහස් ගණනින් සෙනග කැඳවීමටද බලාපොරොත්තුවෙන් සිටියි.
 මුළු ලෝකයේම අවධානය පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙත යොමුව ඇති මොහොතක සහ දහස් ගණනින් ජනමාධ්‍යවේදීන් ග්ලාස්ගොව් වලට පැමිණෙන බැවින් කොටි ඩයස්පෝරාවට මෙමගින් විශාල ප්‍රචරයක්ද ඔවුන්ගේ ව්‍යාජ ප්‍රචාරයන්ට විශාල ලෝක අනුකම්පාවක්ද ලබා ගැනීමේ සූදානමක් පවතී.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපතිවරයාට මෙම ක්‍රීඩා උත්සවයට සහභාගී වීමට සුවිශේෂී අයිතියක් පැවතියත්ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව තවමත් නිෂ්චිතතාවක් නොපවතී.

Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger