මැලේසියානු ගුවන් යානා අනතුරින් මරණයට පත් මගීන්ගේ මළසිරුරු පරීක්ෂා කිරීමට නෙදර්ලන්ත අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් නැගෙනහිර යුක්‍රේනයට පැමිණ සිටිති.
අනතුරට පත් ගුවන් යානය පතිත වූ ප්‍රදේශයේ සිට කිලෝ මීටර පහළොවක් දුරින් ඇති තොරේස් නගරයේ දුම්රියපොළටයි මෙම පිරිස පැමිණ තිබෙන්නේ.
අනතුරින් මියගිය මගීන් වැඩි දෙනෙකුගේ මළසිරුරු අධි ශීතකරණ සහිත දුම්රිය මැදිරිවල ගබඩා කර තිබේ.නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායම සමග යුරෝපයේ ආරක්ෂාව හා සහයෝගිතාව පිළිබඳ වූ ආයතනයේ උපදේශකයෝද එම ස්ථානයට ගොස් සිටිති.මළසිරුරු සහිත දුම්රිය මැදිරි රුසියාවට හිතවත් කැරලිකරුවන් අත පවතින තොරේස් නගරයෙන් ඉවතට ගෙන යන බව සඳහන් කළයි විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයෙක් පවසයි.නමුත් එම දුම්රිය මැදිරි කුමන ස්ථානයකට ගෙන යන්නේද යන්න තවමත් අනාවරණය වී නැහැ.
වීඩියෝ එක
මළසිරුරු ගබඩා කර ඇති දුම්රිය මැදිරි


.gif)






Post a Comment