පාසල තුළ
සිටියදී අනාරක්ෂිතව අඹ ගසකට නැග්ගවූ සිසුවකු මියයාම සම්බන්ධයෙන් රත්තොට දික්කුඹුර
විදුහලේ විදුහල්පතිවරයා ඊයේ (30) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය පවසයි.
රත්තොට දික්කුඹුර විදුහලේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කසුන්
බුද්ධික රණතුංග සිසුවා ඉකුත් 27 උදෑසන අඹගසකින් වැටී බරපතළ තුවාල ලබා මියයාම සම්බන්ධයෙන් විදුහලේ
සිසුන්ගෙන් ලබාගත් සාක්ෂි මත විදුහල්පතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර විදුහල්පතිවරයා අද (01) මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. රත්තොට පොලිස්
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ
ස්ථානාධිපති හරිස්චන්ද්‍ර, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා දිලානි
යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


.gif)






Post a Comment