ඇමති චම්පික චන්ද්‍රිකාවකට රු මිලියන 400ක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව සඳහා යොදාගත හැකි, ශ්‍රී ලාංකික විද්‍යාඥයන් නිෂ්පාදනය කරන චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා වූ ව්‍යාපෘතියට අවශ්‍ය රුපියල් මිලියන 400 ක මුදල ලබාදෙන ලෙස තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳව ප්‍රමුඛව කටයුතු කරන ආතර් සී. ක්ලාක් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන් විසින් නිෂ්පාදිත චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇතැයි තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා  'අද' පුවත්පතට සඳහන් කළේය.
"අපේ රටේ විද්‍යාඥයෝ කුඩා චන්ද්‍රිකාවක් ගුවන්ගත කරලා අභ්‍යවකාශ තාක්ෂණයෙන් ගත හැකි ප්‍රයෝජනය ගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා. මෙය 'නැනෝ සැලටයිට්' නමින් හඳුන්වන කුඩා චන්ද්‍රිකා පද්ධතියක්. චන්ද්‍රිකාවේ නිර්මාණය මුළුමනින්ම අපේ රටේ විද්‍යාඥයන්ගේ දැනුම මතයි. ඒත් එය ගුවන්ගත කිරීමේ කාර්යයට අවශ්‍ය රොකට්ටුව සඳහා චීනය හෝ ඉන්දියාවේ සහාය ලබාගැනීමට සිදුවේවි" යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.


Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger