ශ්‍රී ලංකාව ගැන විභාගයට

අස්මා ජහින්ගිර්, මාර්ටි අහ්තිසාරි, සිල්වියා කාර්ට්රයිට්
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී සිදු විනැයි චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විභාග කරන පරීක්ෂණ මණ්ඩලය පිහිටුවීමේ කාර්යය සම්පුර්ණ කෙරුණ බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
අදාළ කාර්යය සඳහා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දොළොස් දෙනකු ඇතුළත් කමිටුවක් පත් කරනු ලැබ ඇති අතර ඉතා ප්‍රකට කීර්තිමත් විශේෂඥයන් තුන් දෙනෙක් එම කමිටුව සමඟ වැඩ කිරීමට එකඟ වී සිටින බවයි, මහ කොමසාරිස් නවි පිල්ලේ විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙන්නේ.
පින්ලන්තයේ හිටපු අගමැති නොබෙල් සාම ත්‍යාගලාභී මාර්ටි අහ්තිසාරි ,නවසීලන්තයේ හිටපු ආන්ඩුකාරවරිය මෙන්ම එරට මහාධිකරණ විනිසුරුවරියක වූ සිල්වියා කාර්ට්රයිට් සහ පාකිස්තාන් මානව හිමිකම් කොමිසමේ සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සම්මේලනයේ හිටපු සභාපතිනි අස්මා ජහින්ගිර් ඉහත කී කාර්යය සඳහා එකඟ වී සිටින බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය මගින් නිකුත් කරනු ලැබ නිවේදනය මගින් පැවසෙයි.
එවැනි කීර්තිමත් විශේෂඥයන් තිදෙනෙක් ඉතාම වැදගත් මෙන්ම අභියෝගාත්මක පරීක්ෂණයක් සඳහා එකඟ වීම තම ආඩම්බරයට කරුණක් වන බවයි, මහ කොමසාරිස් නවි පිල්ලේ පවසන්නේ.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී සිදු විනැයි චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විභාග කරන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මණ්ඩලයට අධිකරණ වෛද්‍ය විශේෂඥයන්, මිනිස් සිරුරක ස්ත්‍රී පුරුෂභාවය විනිශ්චය කිරීම භාර විශේෂඥයෙක්, නීති විශ්ලේෂකයෙක් සහ වෙනත් විශේෂඥ කුසලතා සහිත කාර්ය මණ්ඩලයක් ඇතුළත් වෙති.
පසුගිය මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේ දී ලද අනුමැතිය අනුව සිදු කෙරෙන ඉහත කී පරීක්ෂණය ලබන වසරේ අප්‍රියෙල් මැද භාගය තෙක් පෙරට ගෙන යාමට කාලය වෙන් කොට ඇත.
සංහිඳියාව සහ වගකීම පෙරට ගෙන යමින් සත්‍යය අනාවරණය කර ගැනීමේ අභිලාෂයෙන් සිදු කෙරෙන අදාළ විභාගයේ දී පූර්ණ සහයෝගයෙන් ක්‍රියා කරන මෙන් තමා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජනතාව දිරිමත් කරන බවත් මහ කොමසාරිස් නවි පිල්ලේ ඉහත කී නිවේදනය මගින් කියා සිටින්නී ය.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger