දෙදහස් හය වසරේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් හමුවක්
ශ්‍රී ලංකාව මුහුණ පා සිටින තීරණාත්මක ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙමින් සිටියි.
යුද්ධයේ අවසාන භාගයේ දී මානව හිමිකම් උල්ලංඝනය වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පැවැත්වීමට නියමිත පරීක්ෂණ පිළිබඳ ආණ්ඩුවේ ක්‍රියාකාරී සැලැස්ම ඇතුළු කරුණු ගණනාවක් බෙන්තොට සංචාරක නිකේතනයේ දී පැවැත්වෙන මෙම හමුවේ දී සාකච්ඡා කෙරෙනු ඇති බවයි, ජනමාධ්‍ය වාර්තා කරන්නේ.
රටේ සංවර්ධනය, වත්මන් ආර්ථික තත්වය සහ ඌව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සාකච්ඡා කිරීමට නියමිත අතර පාර්ලිමේන්තු සාමාජිකයන් සඳුදා රාත්‍රියේ සංචාරක නිකේතනයේ ලැගුම් ගැනීමට නියමිතයි.
මෙම හමුවේ අරමුණ ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම නොවන බවද බලධාරීන් උපුටා දක්වන වාර්තාවල සඳහන් වේ.
ලබන වසරේ ජනවාරි මාසයට යෝජිත ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන්, ජනවාරි මාසයේ පැවැත්වෙන බව පැවසෙන ජනාධිපතිවරණය කල් තබන ලෙස කතෝලික භක්තිකයන් නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
දෙදහස් හය වසරේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් හමුවක්


.gif)






Post a Comment