විවාහයට අවසර ඉල්ලා දෙනෝදාහක් මැද තම පෙම්වතිය නිරුවත් කරලා

විවාහය වෙනුවෙන් දෙමවුපිය අවසරය ඉල්ලා, තම පෙම්වතිය දෙනෝදාහයක් ඉදිරියේ නිරුවත් කර ප්‍රාණ ඇපයට ගත් තරුණයෙකු ගැන චීනයෙන් වාර්තා විය.
ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ රැකියාවක නිරත මේ තරුණයා තම පෙම්වතිය මේ ආකාරයෙන් ප්‍රාණ ඇපයට ගෙන, ඇයද නිරුවත් කර, තමාද නිරුවත් වෙමින් මහා කලබැගෑනියක් සිදුකර තිබුනේ තරුණියගේ දෙමවුපියන් සිය දියණිය මොහුට සරණපාවා නොදෙන බවට තරයේ පවසා තිබූ නිසාවෙනි.
තම ඉල්ලීමට යටත් නොවන්නේ නම් අත වූ මන්නා පිහියෙන් කපා පෙම්වතිය මරා දමන බවට තර්ජනය කරමින් වහලක් මතට නැගී සිටි මොහු 32 හැවිරිදි ලින් නමැත්තෙකු බව පසුව හඳුනා ගෙන තිබේ.
භීතිය හා ත්‍රාසය මුසු කළ අත්දැකීමක් වූ මේ සිදුවීම දෙස සිය ගණන් අසල්වාසීන් පහළ සිට බලා සිටි අතර, පොලිස් හා හමුදා නිලධාරීන් ඔහු රැඳී සිටි වහල අවට රැකවළලා සිටිනු දැකිය හැකිවිය.
එක් අවස්ථාවක, තම පෙම්වතියට සිය ඇඳුම් උනා දමන්න යැයි අණ කරන මොහු තවත් වරෙක තමන්ගේද ඇඳුම් සියල්ල ගලවා ඉවත් කරමින් නිරුවතින් යකා නැටූ බවද කියැවෙයි. මේ සිදුවීමෙන් අසල්වාසීන් ඉදිරියේ එම තරුණිය මහත් අපහසුතාවකට පත්වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
පැය පහක පමණ කාලයක් වහලය මත සිටි මේ තරුණයා අවසානයේ තම පෙම්වතියද රැගෙන පළා යෑමට වාහනයක් ඉල්ලා සිටියේය. අවසානයේ පොලීසිය විසින් ඔහු වෙනුවෙන් වාහනයක් සූදානම් කර ඔහුට ඒ බව දැනුම් දුන්නේය.
ඉන් සෑහීමකට පත්වූ ඔහු නැවතත් තම ඇඳුම් ඇඟලාගෙන, පෙම්වතියටත් ඇඳුම් ඇඳ ගන්නා ලෙස පවසා වහලයෙන් බැස ගත්තේය. අනතුරුව පෙම්වතිය තදින් ග්‍රහණය කරගත් ඔහු තමන්ට ලැබුණු වාහනය වෙත හනිකට පිය මනිද්දී ඔවුන් ලුහුබඳිමින් පිටුපස රැකවලළා සිටි පොලිස් හා හමුදා නිලධාරීන් වහාම පැන පෙම්වතිය ඔහුගෙන් ඉවත්කරමින් මේ තරුණයා බිම පෙරළා ගත්තේය.
චිත්‍රපටයක සජීවී දසුනක් බඳුවූ මේ සිදුවීම දෙස බලා සිටි සිය ගණන් ජනයා සමග පොලීසිය මොහු අත්අඩංගුවට ගත් අතර, ඔහු බන්ධනාගාරගත කිරීමටද පසුව නියෝග කෙරිණි.
කෙසේ වෙතත්, පසුව ලැබුණු වාර්තාවලින් කියැවෙන්නේ මේ තරුණයාගේ දෙමවුපියන් පවා පෙරකී තරුණිය හෙවත් ඔහුගේ පෙම්වතිය සමග මොහු සරණ යනවාට අකමැත්තෙන් සිටි බවකි.
මේ සිදුවීම අප මෙසේ පළ කරන්නේ මෙය තවත් තරුණයෙකුට ආදර්ශයට ගැනීමට නම් නොවෙයි. මෙවැනි මානසික රෝගීන් අපේ රටේද නැත්තේම නැති නිසා, මෙය ඔලුවක් නැති ප්‍රේමවන්තයන්ට, ඔලුවක් ඇතිව ජීවිතයට මුහුණ දීමට ලබාදෙන පණිවුඩයකි.

Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger