ඇල්පිටියේ තරුණයින් දෙදෙනෙකු විසින් මෙම මුදල් පසුම්බිය අහුලා ගෙන ඇත. ඒ 23 හැවිරිදි බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු වන ශාලිත මධුශංක හා ඔහුගේ සහයකයා වන 19 හැවිරිදි එම්. තිලාන් කුසන්තය. මධුශංක විසින් පසුම්බියේ තිබූ අයිතිකරුගේ දුරකථන අංකයට අමතා පොලිසියට පැමිණ පසුම්බිය ලබා ගන්නා ලෙස පවසා ඇත
"මගේ බිරිඳ හදිසි අනතුරකින් කකුල කැඩිල මාස 03ක් විතර එක්තැන්වෙලා ඉන්නෙ. ඒ ප්‍රතිකාර වලට උවමනා සල්ලි තමයි පර්ස් එකේ තිබුණෙ. මේ මල්ලිල දෙන්න ඊයෙ රෑ පාපැදියකින් යද්දි තමයි මගේ පර්ස් එක අහුලල තියෙන්නෙ. උදේ පාන්දර මට මදුශංක මල්ලි කෝල් කරල පසුම්බිය අහුලගත්ත බව කියල පොලිසියට ඇවිත් ඒක බාර ගන්න කිවිවම සතුටක් වගේම පුදුමත් හිතුන. පර්ස් එකේ ලොතරැයි 07 ක් තිබුණා. ඉන් එකක් ඉහළ මුදලක් ඇදී තිබෙන දිනුම් ටිකට්පතක්. රෝගී බිරිඳ එන 25 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්න ඕන කකුලේ සැත්කමක් සඳහා. කොළඹ ගිය විට ටිකට් එකේ දිනුම් සල්ලි ගන්නයි හිතාගෙන හිටියේ. මේවා නැති බව දැනුනම මට ජීවිතෙත් එපා වුණා. අන්තිමේදී මේ කිසිම දෙයක් නොඅඩුවම මට ලැබුණා. " පසුම්බියේ අයිතිකරු එසේ පැවසීය. එම තරුණයින් දෙදෙනා පොලිසියේදී හිමිකරුට මුදල් පසුම්බිය භාරදී පාපැදියේ නැගී වෙනදා මෙන් රැකියාවට යන ලදී.මධුශංක පදිචිව සිටින්නේ යක්කටුව පතිරාජ මාවතේ කුලී නිවසකය. ඔහුගේ බිරිඳ මොළයට විෂ බීජයක් ඇතුළු වීමෙන් දැඩි ලෙස රෝගාතුර වී සිට මඳක් සුවය ලබා නිවසේ සිට ප‍්‍රථිකාර ලබන්නියකි.
ඔවුන්ට මුදල් අඟ හිඟකම් කොතෙක් පැවතියද ඒ වෙනුවෙන් ඔවුන් මනුෂ්‍යත්වය පාවා දුන්නේ නැත. තම පෞද්ගලික සුඛවිහරණය උදෙසා අඹු දරුවන් පවා විකුණන තිරිසන් මිනිසුන් සිටින සමාජයකට මෙම තරුණයින් දෙදෙනා සපයා ඇත්තේ කදිම ආදර්ශයකි.




.gif)






Post a Comment