දියණියගේ දෑවැද්ද රුපියල් කෝටි 1300 යි

තම දියණිය සමග විවාහ වන පුද්ගලයාට ඇ.ඩො.මිලියන සියයකට (රු.කෝටි 1,300ක් පමණ) අධික දෑවැද්දක් ලබාදෙන බව හොංකොං ජාතික ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා ප්‍රසිද්ධ කිරීමෙන් පසු ඇයට මංගල යෝජනා දසදහස් ගණනක් ලැබී ඇති බව වාර්තා වෙයි.
මෙතරම් විශාල මහා ධනස්කන්ධයක් සමග යුවතියක් විවාහකර ගැනීමට පොරකමින් විවිධ තරාතිරම්වල පුරුෂයන් මංගල යොජනා ඉදිරිපත් කළත්, තමන් සමලිංගික කාන්තාවක් බව ජීජී චාඕ නමැති මේ තරුණිය විවෘත ලිපියකින් සිය පියා වන සෙසිල් චාඕ වෙත දන්වා සිටීමත් සමග පෙරකී දසදහස් ගණනක් වූ පුරුෂයන්ගේ සිහින මේ වනවිට බොඳවී ඇති බවද හොංකොං වෙතින් වාර්තා වෙයි.
එමෙන්ම මෙම ලිපියෙන් ඇය සිය පියාට වැඩිදුරටත් දන්වා ඇත්තේ තමාට ස්වාමි පුරුෂයෙකු සෙවීම වහාම නතර කරන ලෙසයි. මේ තත්ත්වය තුළ කෝටිපති දෑවැද්දක් සමග සුන්දර යුවතියක් සරණපාවා ගැනීමට පෙරුම්පිරූ එක් අයෙකුටවත් ඒ වාසනාව උරගා බැලීමට අවස්ථාව නොලැබෙන බවද හොංකොං මාධ්‍ය වාර්තා කරයි.
2012 වසරේදීද මෙම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා තම දියණියට සහකරුවෙකු සෙවීම සඳහා ඇ.ඩො.මිලියන 65ක දෑවැද්දක් ලබාදෙන බව පවසා තිබුණත්, මෑතකදී ඔහු එම අගය දෙගුණයකින් පමණ වැඩිකර තිබුනේ සමලිංගික සේවනයට වැටී ඇති තම දියණියව කෙසේ හෝ විවාහ දිවියකට කැමති කරවාගත හැකි පුරුෂයෙකු සොයා ගැනීමේ අටියෙන් බවද හොංකොං මාධ්‍ය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මේ තරුණිය පවසා ඇත්තේ තමාට සහකාරියක සිටින බව හා ඔවුන් දෙදෙනා දීර්ඝ කාලයක සිට ප්‍රංශයේ එක්ව යුගදිවියක් ගෙවන බවයි.
සීන් ඊව් නම් වූ ඇයව ගරුත්වයක් ඇති සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස පිළිගන්නා ලෙසත්, කොතරම් හොඳ පුරුෂයන් සිටියත් ඇත්තෙන්ම ඒ එක් අයෙකුවත් තමන් වෙනුවෙන් නොවන බවත් ඇය සිය ප්‍රකෝටිපති පියාට ලියූ විවෘත ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇති බවද කියැවෙයි.

Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger