කුඩු ගේන්න මගේ තාත්ත මරපු උන්


මේ  දිනවල  රෙගුව   විසින්  කුඩු  තොග  පිටින්  අත් අඩංගුවට   ගන්නා  කාල  සමයකි.  ඊයේ(21)  ඔරුගොඩවත්ත   කන්ටේනර්   බහාලුම්   පර්යන්තයේ   ඇඹරුම්  යන්ත්‍ර  3ක  අසුරා  තිබුණු  දැවැන්ත  හෙරොයින්  තොගයක්  හමුවී  ඇත.  අදාළ  කුඩු  තොගය  කිලෝග්‍රෑම්  100ක්  පමණ  වන  බවද  එහි  වටිනාකම  රුපියල්  කෝටි  70ක්  වන  බවද  රේගුව  පැවසීය.  මත්කුඩු  ව්‍යාපාරය  ශ්‍රීඝ්‍ර  ලෙස  ව්‍යාපත  වී  ඇති  ප්‍රදේශයක්  ලෙස  ප්‍රචලිත  කොළොන්නාව  ආසනයේ   පළාත්  සභා   මන්ත්‍රීවරියක  වන  හිරුණිකා   ප්‍රේමචන්ද්‍ර  මෙනෙවිය   පවසන්නේ  කොළොන්නාවේ   මත්කුඩු  ව්‍යාපාරයේ  සියළු   තතු  තමා  දන්නා  බවයි.
"කුඩු  කිලෝ   සීයක්  කියන්නේ   හිතාගන්න   බැරි  ප්‍රමාණයක්.  මේ  විනාශ  කරන්න   හදන්නේ   රටේ   ඉන්න   තරුණ   පරපුර.  මේ   රටට   කුඩු   ගේ‍න්නේ, කුඩු  ව්‍යාප්ත  කරන්නේ,  මගේ  තාත්තා  ඝාතනය  කරන්න   මුල්වුණ  පුද්ගලයෝ  කියලා   මම   මුල   ඉඳන්   කිව්වේ.   මගේ   තාත්තට   අන්තිමට   ඝාතනය   වෙන්න   සිද්ධ   වුණෙත්   මේ  කුඩු   ගැන   කතාකරලා  කියන  එකත්   මම   මුල   ඉඳන්ම   කිව්වා.   ඉතින්   මේකට   කිසිම   ක්‍රියාමාර්ගයක්   ගන්නේ  නැති   එකට   කණගාටුවෙනවා.  මම  ඉතාමත්   ගෞරවයෙන්   ඉල්ලා  සිටිනවා  රජයෙනුත්  අතිගරු  ජනාධිපතිතුමාගෙනුත්   මේක  ගැන  හොයලා  බලන්න.  මම  ඉතාමත්   වගකීමෙන්   කියන්නේ   අපිට   සාක්ෂි   තියෙනවා   කවුද   කුඩු   විකුණන්නෙ   කොළොන්නාව  ඇතුළෙ,  ඒ  කුඩු  විකුණන   අය   කෙළින්ම  සම්බන්ධවෙලා  ඉන්නේ  කාටද  කියන  එකට."
වීඩියෝව  පහතින්  නරඹන්න.

Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger