අලූත්ගම බේරුවල හිමිනමක් සිය දිවි නසාගෙන

නානසාර නිකාය සහ රාජපක්ෂලා ත්‍රස්තවාදය පැතිරූ අලූත්ගම බේරුවල හිමිනමක් සිය දිවි නසාගෙන----
(ලංකා ඊ නිව්ස් -2014.ජූලි.20, ප.ව.12.30) පසුගියදා නානසාර නිකායේ ත්‍රස්තවාදී චීවරධාරීන් සහ රාජපක්ෂ රෙජීමයේ බුද්ධි අංශ විසින් මුස්ලිම් වරුන්ට එරෙහිව මහත් ව්‍යයසනයක් කළ අලූත්ගම බේරුවල ප්‍රදේශයේ හිමිනමක් ජීවිතය ගැන කළකිරී සිය දිවි නසාගෙන තිබේ. මෙම හිමි නම බේරුවල පදිංචිව සිට අලූත්ගමට පැමිණ සිය දිවි නසාගෙන තිබේ.
බේරුවල, වලපාන පරමරමණීයාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ නුවරඑළියේ සුදේව නමැති 18 වැනි වියේ පසු වූ මෙම තරුණ භික්ෂුව ඊයේ පස්වරුවේ අලූත්ගම ගොඩැල්ල ධම්මිකාරාම විහාරස්ථානයට වැඩම කර එහි කාමරයක් තුල තිබූ විදුලි පංකාවක කඹයකින් එල්ලී සිය දිවි නසා ගෙන තිබේ. ඔහු සිය දිවි නසාගෙන ඇත්තේ ඊය් රාත්‍රී 11.30 ට පමණ බවද ධම්මිකාරාම විහාරස්ථානයට පැමිණ ඇත්තේ එහි පැවති භක්ති ගීත වැඩසටහනකට සහභාගී වීම සඳහා බවද පොලිසිය පවසයි.
සිය දිවි නසා ගැනීමට පෙර තමන් ජීවිතය පිළිබඳ කළකිරී සිටින බවත්, මව්පියන්ට සලකන ලෙසත් ඉල්ලා සුදේව භික්ෂුව ලියූ ලිපියක් පොලිසියට ලැබී ඇතැයි පොලිසිය පවසනවා මිස ලිපියේ සඳහන් ජීවිතය පිලිබඳ කළකිරුනේ කුමන කාරණා මතද යන්න ගැන පොලිසිය නොපවසයි.
සිද්ධිය පිළිබඳ දැන ගැනීමෙන් පසු ධම්මිකාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් අලූත්ගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර අලූත්ගම පොලිසිය විසින් පරීක‍ෂණ ආරම්භ කර ඇත.
භික්ෂූන් මහණ දම් පුරන්න ආරම්භ කළ යුත්තේ ගිහි දිවිය ගැන කළ කිරීමකින් විය හැකි වුවද පැවිදි දිවිය ගැන කළ කිරී සිය දිවි නසා ගැනීම බෞද්ධ භික්ෂූන්ගේ විනය නීති වලට සම්පූර්ණ පටහැනි මෙන්ම බෞද්ධ දර්ශනයටද පටහැනි ක්‍රියාවකි. නමුත් වර්තමාන සංඝ නායක කාරකාදීන් තරුණ භික්ෂූන් යොමු කරවන්නේ සිතුවිලි සමනය කරා නොව ආවේගශීලී ගිනිදැල් කරා ය.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger