සමාජ මාධ්‍ය ජාල (social media) පාලනය කිරීමට යාමේ ආණ්ඩුවේ පිඹුරු පත් පිටුපස පවතින්නේ මහජනතාවට එම මාධ්‍ය හරහා අදහස් ලබා ගැනීම සඳහා ඇති අයිතියට වැට බැඳීමක් යයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතිවේදීහු පෙන්වා දෙති.
එම සංවිධානයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක බීබීසී සංදේශය කළ විමසීමක දී කියා සිටියේ, බොහෝ සන්නිවේදන මාධ්‍ය මගින් වාර්තා නො කරන තොරතුරු මහජනතාවට දැන ගැනීමට ඇති මාර්ගය සමාජ මාධ්‍ය ජාලය වන බවයි.ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිමය පාලනය පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතිවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක එම ප්‍රකාශය කළේ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමාජ මාධ්‍ය පාලනය කිරීමේ උවමනාව සම්බන්ධයෙන් කර තිබුණ ප්‍රකාශයකට ප්‍රතිචාරය පළ කරමින්.
ආරක්ෂක ලේකම්වරයා කියා තිබුණේ වර්ගවාදී ආගම්වාදී අදහස් ප්‍රචාරය කරන සමාජ අන්තර්ජාල වෙබ් අඩවිවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි


.gif)






Post a Comment